පාකිස්තාන පන්දු යවන්නන් ශ්රී ලංකාවට එරෙහිව පන්දු යැවූ ආකරය පිළිබඳව තම කණ්ඩායමට පිළිතුරක් නොතිබුණ බව ශ්රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පැවැසීය. ඊයේ (23දා) නිමා වූ පාකිස්තාන එක්දින තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
උපුල් තරංග නායකත්වයට පැමිණීමෙන් පසුව කණ්ඩායම ලැබූ අඛණ්ඩ 10 වැනි පරාජයත් ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ 12 වැනි එක්දින තරග පරාජයත් ලෙස ඊයේ තරග පරාජය වර්තා අතරට එක්වෙයි.
තරංගය යළිත් වතාවක් පරාජයේ වගකීම පිතිකරුවන් වෙත භාර කරමින් සඳහන් කළේ පාකිස්තාන පන්දු යවන්නන් ඉල්කක කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව තම පිතිකරුවන්ට අදහසක් නොමැති බූ බවයි.
“තරගාවලිය පුරාවටම පාකිස්තාන පන්දු යවන්නන්ට අපි මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව පිළිතුරක් තිබුණේ නෑ. අපි අපේ ශක්තියෙන් ක්රීඩා කළේ නෑ. අපි ලකුණු 200ක් අවස්ථා තුනකදී රැස්කළේ නෑ. අපිට පීඩනය හසුරුවාගන්න බැරිවුණා. අපිට උස්මාන්ගේ පන්දු යැවීම ගැන පිළිතුරක් තිබුණේ නෑ. ඔවුන් හැම වෙලාවකම කඩුල්ලක් දවාගන්නයි උත්සාහ කළේ”