පාකිස්ථානය සමග අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලැබු පරාජයෙන් අනතුරුව ඉන්දිය ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වූ අනිල් කුම්බ්ලි සිය තනතුරින් ඉල්ලා අස්වි ඇත.
පෙරේදා (18) මෙම තීරණය ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයට දැන්වීමට කුම්බ්ලි කටයුතු කර ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඉන්දීය ක්රිකට් නායක විරාත් කෝලි හා කුම්බ්ලි අතර ඇතිවූ මත ගැටුමකි.
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයට යැවූ ලිපියේ කුම්බ්ලි වැඩදුරටත් දක්වා ඇත්තේ විරාත් කෝලි සමග සිය සබඳතාව මේ වන විට අස්ථායි තත්වයට පත් වි ඇති බවයි.
අනිල් කුම්බ්ලි 2016 වර්ෂයේ ජූනි මසදී ඉන්දීය කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයට පත් වූයේ වසරක ධුර කාළයක් උදෙසායි. ඔහුගේ ධුර කාළය මේ වසරේ අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව අවසන් වීමට නියමිතව තිබූ නමුත් ඔහු ඉන්දීය කණ්ඩායමේ අනිද්දා ආරම්භ වන තරගාවලියේදිද ඉන්දියාව මෙහෙයවීමටද සුදානම් වී සිටියේය.