අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය මගින් ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනමට ලක් කර ඇත. එම සංගමය මගින් අද (24දා) ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ඒ බව දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උසස නිලධාරිියෙකු පැවසුවේ, ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සම්මේලනයේ හිටපු නිලධාරීන් පිරිසක් විසින් ලෝක සංගමය දැනුවත් කිරීම මෙම තහනමට හේතුවී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම තහනම අවසන් වනතුරු ශ්රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ක්රීඩකයෙකුට අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන තරගාවලියකට සහභාගි වීමට නොහැකිවනු ඇත.