තරගයේ ප්‍රශංසාව බංග්ලාදේශයට හිමි වුවත්, ලකුණු අතර සිටි හා අත්දැකීම් ඇති ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නොමැති වීම කණ්ඩායමට පාඩුවක් වූ බවත්, පන්දු රැකීමේ අංශය හොඳ මට්ටමක නොතිබූ බවත් බංග්ලාදේශය සමගින් පැවැති පළමු එක්දින තරගයෙන් පසු පෙරේදා රාත්‍රියේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දිනේෂ් චන්දිමාල් පැවසීය.
"පළමු තරගය පරාජය වීම ලොකු පාඩුවක්. නමුත් අනිවාර්යයෙන්ම තරගයේ ප්‍රශංසාව බංග්ලාදේශයට හිමිවිය යුතුයි. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. අපේ කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් ජනිත් වැනි අත්දැකීම් සහිත පිතිකරුවන් නැතිවීම ලොකු පාඩුවක්. තරුණ කණ්ඩායමක් විදිහට ඒ වගේ තුන් දෙනෙක්ගෙ සහාය නැතිවීම ලොකු පාඩුවක්. නමුත් ක්‍රීඩකයන් විදිහට අවස්ථාවක් ලැබුණම ඒක ප්‍රයෝජනයට ගන්න දැනගත යුතුයි.
ටෙස්ට් තරගාවලියේදී වගේම, මේ තරගයේදීත් පන්දු රැකීමේ අංශය එතරම් හොඳ මට්ටමක තිබුණෙ නෑ. අපිට බංග්ලාදේශය ලකුණු 280ක වගේ ප්‍රමාණයකට තියාගත්තා නම් පිතිකරණ අංශයේදී ලොකු උත්සාහයක් දීල ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්කම තිබ්බා. නමුත් පුහුණුවීම්වලදී හොඳින් පන්දුරැකීමේ කාර්යයේ නිරත වුණත්, තරගයට ආවම යම් පීඩනයක් තියෙනවා. ඕනෑම ක්‍රීඩකයෙක්ට එහෙමයි. ගෙඩක් තරුණ ක්‍රීඩකයෝ අපේ කණ්ඩායමේ ඉන්නෙ. ඔවුන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්" යැයි පැවසීය.