ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමජික රග්බි තරගාලියේ සමස්ථ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට මොබිටෙල් ඊගල්ස් සමත් විය. ඒ පෙරේදා (16) අවසන් වූ මෙවර තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගනිමිනි.
කෙසේ වෙතත් ඊගල්ස් කණ්ඩායම් තරගාවලියේ පසුගියදා (15,16) පැවති දෙවැනි අදියරේ කුසලාන අවසන් මහා තරගය පරාජයට පත්වීමට සිදුවූයේ ඊසි වොල්ව්ස් හමුවේ ලකුණු 26-12 ක් ලෙසිනි.
නමුත් ඊට පෙර මහනුවරදී පැවති පළමු අදියරේ ශූරතාව සමගින් සමස්ථ ප්‍රසාද ලකුණු 55 ක් හිමි කර ගත් මොබිටෙල් ඊගල්ස් තරගාවලියේ ශූරතාව දිනා ගනිද්දී ප්‍රසාද ලකුණු 43 ක් හිමි කර ගත් ඊසි වුල්ව්ස් මෙහි දෙවැනි ස්ථානය දිනා ගත්තේය.
එහි තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 34 ක් ලැබූ මොබිටෙල් ඊගල්ස් විසින් දිනා ගත්තේය.
මේ අතර දෙවැනි අදියරේ පලඟ ශූරතාව එටිසලාට් පැන්තර්ස් විසින් දිනා ගනිද්දී ඇක්සස් කිංග්ස් බඳුන ශූරතාව දිනා ගත්තේය. එමෙන්ම වෝකර්ස් සී.එම්.එල්. වයිපර්ස් එහි පලිහ ශූරතාව දිනා ගත්තේය.
මේ අතර මෙහි පාසල් අංශයේ ශූරාතාව මරදාන ශා.ජෝශප් විදුහල ලකුනු 7-5 ක් ලෙස පැරදූ මහනුවර කිංග්ස්වුඩ් විසින් හිමි කර ගත්තේය.
එම අංශයේ පලඟ ශූරතාව බම්බලපිටිය ශා. පීතර විසින්ද බඳුන ශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල විසින්ද පලිහ ශූරතාව මහනුවර ශා.අන්තෝනි විසින්ද දිනා ගත්තේය.
මේ අතර මෙහි කාන්තා අංශයේ ශූරියන් බවට පත් වූයේ අවසන් තරගයේදී යුද හමුදාව ලකුනු 41-05 ක් ලෙස පැරදූ නාවික හමුදා කණ්ඩායමයි
කාන්තා අංශයේ අවසන් මහා තරගයේ අවස්ථාවක්
පාසල් කණ්ඩායම් කුසලාන අවසන් තරගයේ අවස්ථාවක්
කණ්ඩායම් කුසලාන අවසන් තරගයේ අවස්ථාවක්
පාසල් කණ්ඩායම් ශූරතාව දිනු කිංග්ස්වුඩ් කණ්ඩායම
කාන්තා ශූරතාව දිනූ නාවික හමුදා කණ්ඩායම
දෙවැනි අදියරේ ශූරතාව දිනූ ඊසි වුල්ව්ස් කණ්ඩායම
තරගාවලියේ සමස්ථ ශූරතාව දිනූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිටිය