පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් හා පිතිකරුවන්ගෙන් ලොකු අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නිම කිරිමෙන් අනතුරුව කටුනායකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“තරගාවලිය ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි. දිනන්න තිබුණ අවස්ථාවක් තමයි ගිලිහිලා ගියේ.
හැම පැත්තෙන්ම දුර්වලතා ගොඩක් තිබුණා. පන්දු යවන්න්නගෙන් හා පිතිකරුවන්ගෙන් ගොඩක් ලොකු අඩුපාඩු වුණා.
ඔවුන් අපිට ලොකු ඉලක්කයක් දුන්නා. එතකොට කොහොමත් කණ්ඩායමට පීඩනය වැඩියි.
ඔවුන්ගේ පන්දු යවන්නෝ ගොඩක් හොඳන් පන්දු යැව්වා. ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් හොඳට කළා. සෑහීමකට පත්වෙන්න අමාරුයි.”