ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ලබාගත් ලොව පළමු ක්රීඩකයා බවට පත්වීමට තිබූ අවස්ථාව කුමාර් සංගක්කාරට අහිමි විය. බංග්ලාදේශය සමග පැවැත්වෙන 2 වැනි ටෙස්ට් තරගයේදී සංගක්කාර තවත් ලකුණු 32 ක් ලබාගත්තේ නම් එංගලන්තයේ හිටපු නායක ග්රැහැම් ගුච් විසින් 1990 දී ඉන්දියාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ලබාගත් ලකුණු 456 පසු කර තරගයකදී වැඩිම ලකුණු ලබාගත් ලොව පළමු ක්රීඩකයා වීමට අවස්ථාව තිබුණි. එහෙත් අවාසනාවකට කුමාර සංගක්කාරට මෙම තරගයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 424 ක් පමණි.
මෙම තරගාවලියේදී කුමාර සංගක්කාර පළමු ඉනිමේදී ත්රිත්ව ශතකයක් (319) හා දෙවැනි ඉනිමේදී ශතකයක් (105) ලබාගැනීමට සමත් වූ අතර, ලෝක ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි ක්රීඩකයා ලෙසද ටෙස්ට් ඉනිම් දෙකේදීම ශතක රැස්කළ දෙවැනි ශ්රී ලාංකික පිතිකරුවා ලෙසද, ටෙස්ට් තරගවලදී වැඩිම ශතක ගනනක් රැස්කළ ශ්රී ලාංකික පිතිකරුවා ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
සටහන - මංජු ප්රදීප්