තමන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දී ඇති බවත් ක්‍රීඩකයන් එයින් ප්‍රයෝජන ගන්නා බවත් ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"ආරම්භයක් ගන්න කෙනා ලොකු ලකුණකට යන්න සැලසුමක් කණ්ඩායමේ තිබුණා. ඒ සැලසුම අනුව අපි ක්‍රීඩා කළා.
මම ක්‍රීඩකයන්ට ගොඩක් නිදහස දීලා තිබෙනවා. කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා ඇවිත් ප්‍රවේගකාරී ලෙස පිතිකරණයේ යෙදුණා. ඒ අය ඒකෙන් ප්‍රයෝජන ගන්නවා.
ගාල්ලේ මම අවසන්වරට ශතයක් ලබාගත්තේ 2018 වසරේදී. තරග හයකදී පමණ මට ශතකයක් ලබාගන්න බැරිවුණා. ඒක තමයි මම ටීම් එකටත් කිය කිය හිටියේ ශතකයක් ගහන්න ඕන කියලා.
මේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.
ටෙස්ට් ශූරතාවලිය ගත්තොත් අපි එක තරගයෙන් තරගය තමයි සැලසුම් කරන්නේ. ලංකාවේ තිබෙන තරග ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා.
අවුරුදු 2 අවසන් වෙද්දී හොඳ තැනක ඉන්න බලාපොරොත්තුවෙනවා. කුමන පුහුණුකරුවෙක් ආවත් තාක්ෂණය ගැන නෙමෙයි හොඳ ක්‍රීඩකයෙක් බිහිකර දෙන එකයි අපි බලාපොරොත්තු වන්නේ”