සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුනු 25 ක ජයක් හිමිකර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය. ලකුනු 196 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.5 කදී ලකුණු 171 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ ඔෂේන් තෝමස් කඩුළු 5 ක් දවා ගැණීමට සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුනු 196 ක් රැස් කළහ. දෙරට අතර අවසන් වරට පවත්වා ඇති පන්දුවාර 20 තරග ත්‍රිත්වයේම ජය හිමි කර ගැනිමට සමත්ව ඇත්තේ කොදෙව් කණ්ඩායම වීම විශේෂත්වයකි. මේ අනුව තරග දෙකකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස ජයගෙන කොදෙව්වෝ ඉදිරියෙන් පසුවේ.
තරගාවලියේ දෙවැනි හා අවසන් පන්දුවාර 20 තරගය එළඹෙන 06 වැනිදා පැවැත්වේ.
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බ.ඉ.කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුළු 4 ක්දැවී ලකුනු 196 ක් රැස් කළහ. ආරම්භක පිතිකරුවා ලෙසින් පැමිණ ඉනිම අවසන් වන තෙක්ම නොදැවී රැදී හුන් ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 51 කදී නොදැවි ලකුනු 67 ක් රැස් කලේය. ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ඉනිම් වල යෙදුනු ඔන්ඩ්‍රේ රසල් පන්දු 14 කදී ලකුණු 35 ක්ද කිරන් පොලාඩ් පන්දු 14 කදී ලකුනු 34 ක්ද රැස් කලේය. පන්දු යැවීමේදී ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග හා ලසිත් මාලිංග එක් කඩුල්ල බැගින් බිද හෙලීය.
සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් බ.ඉ.කොදෙව් කණෟඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.
කොදෙව් කණ්ඩායම
ලෙන්ඩ්ල් සිමන්ස්, බ්‍රැන්ඩන් කින්ග්, නිකලස් පූරාන් , ෂිම්රන් හෙට්මෙයාර්, කිරන් පොලාඩ් (නායක), රොව්මාන් පවෙල්, ඔන්ඩ්‍රේ රසල්, ෆේබියන් ඇලන්, ව්වෙයින් බ්රාවෝ, ඔෂෙයින් තෝමස්, ෂෙල්ඩන් කොට්රල්
ශ්‍රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, තිසර පෙරේරා, වනිදු හසරංග, ඉසුරු උදාන, ලසිත් මාලිංග (නායක), ලක්ෂාන් සඳකැන්