කිසිම පුහුණුකරුවෙකු තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස්කිරීමට උත්සහා නොදැරු බවත්, තමන්ගේ මහන්සියට උපරිම ප්‍රතිඵල ලැබුණු බවත් ලක්ෂාන් සඳකැන් පැවසීය.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27දා) දිනයේදී සාර්ථක පන්දු යැවීම නිරත වූ සඳකැන්, තරගය අත්හිටුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සඳකැන් පවසා සිටියේ ලංකාවෙන් බිහිවන පළමු චයිනමන් පන්දු යවන්නා වීමට තමන් උත්සහ දැරූ බවයි.
"මම අවුරුදු තුනක් තිස්සේ පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාකරනවා. ඉන් වසර දෙකකදීම හොදම පන්දු යවන්නා වෙලා තිබෙනවා. මට උවමානාව තිබුණේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන පළමු චයිනමන් පන්දු යවන්නා වෙන්න. ඒ අවස්ථාව මට ඊයේ ලැබුණා. මම ගොඩක් මහන්සි වුණා මේ තැනට එන්න. ඒ මහන්සියට හොද ප්‍රතිපලයක් ලබාගත්තා කියලා මම හිතනවා" යැයි සඳකැන් අවසන් වශයෙන් පවසා සිටියේය.