පැය තුනකට ආසන්න කාලයක් ඉන්දීය කණ්ඩායමේ අරම්භක පිතිකරුවන් ශ්‍රී ලංක පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත්වන තරමට පිතිකරණයේ යෙදුණි. පළමු දිනයේදී සාර්ථකම පිතිකරුවන් යුගළය බවට පත්වූ දවාන් හා රාහුල් දිනේෂ් චන්දිමාල්ටද පීඩනයක් ගෙන දුන්නේය.
ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ අත්දැකීම් අඩුම පන්දු යවන්නන් සමගිනි. නමුත් දිනේෂ් චන්දිමාල්ට හිසරදක්ව පවතින ඉන්දීය ආරම්භක සබඳතාව බිඳ දැමීම සඳහා ඔහු තොරා ගන්නේ මලින්ද පුෂ්පකුමාරය. ඒ පළමු පෙළ තරගවදී ඔහු කඩුලු 550ක් පමණ දවාගෙන ඇතිහෙයිනි.
එය සාර්ථක වූ අතර ඉන්දීය ඉහළ පෙළ පිතිකරණය ඔහු බිඳ දැමුවේය. පසුව ලක්ෂාන් සඳකැන්ද කණ්ඩායමට අවශ්‍ය වූ ශක්තිය ලබාදුන්නේය. වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉන්දියාවට හිසරදයක් බවට පත්වෙමින් පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 6ට ලකුණු 329ක් ලෙස නිමා කළේය. තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි හිමිකරගත්තේය. ඒ අඛණ්ඩව තෙවැනි අවස්ථාවටය. කෙසේ වෙතත් දිනය අවසානයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු පුවරුවට එක්කළ ලකුණු සංඛ්‍යාව පිළිබඳව ඔවුන්ට සෑහීමකට පත්විය හැකිය.
තරගය නිමා වීමට පන්දුවාර 2ක් පමණ ඉතිරිව තිබියදී ඉන්දීය අශ්වින් දැවී යාම හේතුවෙන් හර්දික් පාණ්ඩ්‍යාට පිටියට පිවිසීමට සිදුවිය. ඒ අනුව සහා හා හර්දික් හෙට දිනයේදී ඉන්දීය පිතිකණය ආරම්භ කරනු ඇත.
වසර පහක සිය ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් තරගාවලියක දෙවැනි ශතකය වාර්තා කිරීමට ශිකර් දවාන් සමත්විය. රාහුල්ද ශතකයක කරා යන අයුරු දුටුවත් ඔහු ලකුණු 85කට දැවී ගියේය. තමාට ලැබුණු අනපෙක්ෂිත් වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තිබෙන දවාන් ආවේගශීලීව මෙම තරගයේදීත් ක්‍රිඩා කළේය.
පිටිය තුළ කෙළ පැවැති තත්ත්වයක් දිස් වූ අතර ඒ හරහා පන්දුව දෙලනය කිරීමට ළහිරු කුමාර කටයුතු කළේය. එසේම විශ්ව ප්‍රනාන්දුද ඉන්දීය පිතිකරුවන් තරමක් දුරකට පසු පසට තල්ලු කළේය.
තරගයේ දිවා ආහාරයට පෙර පන්දුව පරාජය කිරීමට පිත්ත සමත්විය. කුමාරගේ පන්දුවක් හමුවේ රාහුල් ලබාදුන් උඩපන්දුවක් කරුණාරත්න අතින් ගිලිහී ගියේය. ඒ වන විට ඉන්දිය කණ්ඩායම පන්දුවාර 12ක් තුළ ලකුණු 58ක් රැස්කර සිටියේය. මේ අතර දවන් පන්දු 45ක් තුළ සිය අර්ධ ශතකය රැස් කළේය.
ඔහුගේ අර්ධ ශතකයත් සමගින් ඉන්දියාව ලකුණු 100 සීමාවට පිවිසියේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම දිවා ආහාරයට පිවිසියේ පන්දුවාර 27කදී ලකුණු 134ක් ලෙසය. ඒ අනුව පිටිය මැද ඉන්දීය ආරම්භක පිතිකරුවන් සාර්ථක වෙන අයුරු දක්නට ලැබුණි.
මේ සබඳතාව තවදුරටත් ඉදිරියට යෑම අවසථාව තිබුණි. ඒ 40 වැනි පන්දුවාරයේදී මලින්ද පුශ්පකුමාරව ගෙන එන්නට චන්දිමාල් කටයුතු නෙකළේ නම්ය. 30 හැවැරිදි පන්දු යවන්නාට ඉන්දීය ආරම්භක පිතිකරණ සබඳතව බිඳ දැමීමට වැය වූයේ පන්දු 3ක් පමණි. පුෂ්පකුමරගේ පන්දුවක් හමුවේ රාහුල ලබාදුන් උඩපන්දුවක් දිමුත් කරුණාරත්න සුරැකිව ලබාගැනීමෙන් පසුව එම සබඳතාව අවසන් විය
රාහුල් මෙහිදී සිය අර්ථ ශතකය රැස්කළේ අඛණ්ව හත්වැනි ටෙස්ට් ඉනිම මෙය විය. නමුත ඔහුට ශතකය තවත් දුර බව පෙනෙන්නටට තිබේ. දවන් සිය ශතකය රැස්කළේ පන්දු 107ක් තුළය.
පුජාරා දඟ පන්දු යවන්නන්නට සාර්ථකත්වයක් පෙන්වුවත් නමුත් පන්දුවේ දඟ කැවීම හරහා ඔහුට සාර්ථකවීමට නොහැකිවිය. රහානේද දඟ පන්දු යවනන්න හමුවේ අසාර්ථක වෙන අයුරු දක්නට ලැබිණි. තරගයේ පස්වැනි පන්දුවාරය යොමුකළ පුශ්පකුමාර නැවතත් ක්‍රියාත්මක වෙමින් දවාන් දවාගත්තේය.
ඒ අනුව දවස වෙනස් විය. දවාන් දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47කට ලකුණු 219ක් රැස්කර තිබුණි. දවසේ ඊළග පන්දුවාර 43 තුළදී ඉන්දිය කණ්ඩායම රැස්කළේ ලකුණු 110ක් පමණි.
පුජාරා දවගනිමින් සිය කඩු දඩයම සඳකැන් ආරම්භ කළේය. ඇන්ජලෝ මැතිව්ස් වෙත උඩපන්දුවක් ලබාදෙමින් පුජාරා පිටියෙන් ඉවත්විය. මෙම තරගාවලියේ වෙනත් කිසිඳු අවස්ථාවක නොවූ පරිදි ශ්‍රී ලංකා කණ්ඩයම දිවා ආහාරයෙන් පසුව සාර්ථක විය. ඒ අනුව පන්දු රකින්නන්ගෙන් ලැබුණු සහාය මත ශ්‍රී ලංක පන්දු යවන්නන් වඩාත් විශ්වාසයෙන් තරග කරන්නට විය.ඉන්දියාවේ ලකුණු ලබාගැනිමේ වේගය 5 සිට 3.7ක් දක්වා අඩුවිය.
ලකුණු 41ක් තුළ ඉන්දීය කණ්ඩායමේ කඩුලු තුනක් දැවී ගිය අතර කෝලි හ රහානේ තරමක් දුරට සර්ථක වීමට කටයුතු කළත් එය බිඳ දැමීමට පුශ්පකුමාර සමත්වූයේ රහනේ දවාගනිමිනි. පන්දු යවන්නෙකු පීඩනය ගෙන එනවිට එයින් අනෙක් අයද වාසි ලබයි.
ඉන් අනතුරුව ඉන්දීය නායක විරාත් කෝලිට පිටිය තුළ තරමක් දුරට ස්ථාවර වීමටට සිදුවිය. නමුත් සඳකැන් කෝලිගේ ඉනිම අවසන් ඉන් අනතුරුව අශ්වින් හා සහා විනාඩි 40ක් පමණ පිටියේ රැඳී සිටියේය. දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව විශ්ව ප්‍රනාන්දු යොමුක පන්දුවක් හමුවේ අශ්වින් ලබාදුන් උඩපන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට දික්වැල්ල සමත්විය.