2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමික බැතිමතුන් පිරිස 05/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .
එයින් 34 දෙනෙකු ඉස්ලාම් භක්තික කාන්තාවන් වූ අතර ඉතිරි 34 දෙනා ඉස්ලාම් භක්තික පිරිමි වන්දනාකරුවන් වූහ .
මොවුන්ගේ පිටත්ව යාම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී උත්සවයක් පැවති අතර ඒ සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක , ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමඩ් අල් - කන්තානි ( Khaled Hammoud Al - Kahtani ) , ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති ඊබ්‍රාහිම් සාහිබ් අන්සාර් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
මෙම වන්දනාකරුවන් පිරිස 05/21 දින අලුයම 05.15 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9503 දරන ගුවන් යානයෙන් මක්කම බලා පිටත්ව ගියහ .
ඔවුන් දින 32 ක කාළයක් මක්කම වන්දනා කිරීමෙන් අනතුරුව යළි ජුනි මස 22 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .