ශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා සවුදි අරාබියානු රජයෙන් ඉල්ලුම් කර ඇත.
මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ සිටින සවුදි අරාබියානු තානාපති අබ්දුල් නාසර් අල් -හරින් මහතා හරහා සවුදි අරාබියානු හජ් සහ උමිරා කටයුතු භාර අමාත්‍ය ආචාර්ය සාලිහ් බින් මුහම්මද් තාහිර් බන්දන් සහ දකුණු ආසියානු කලාපීය හජ් කටයුතු ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය රබත් ඉබිනු ඉබිරාහිම් බදර් යන මහත්වරුන් වෙත යොමු කරන ලදි.
හජ්වන්දනාව සඳහා වසරක් පාසා දහදාහකටත් අධික ශ්‍රී ලාංකික බැතිමතුන් ඉල්ලුම් කරන අතර අවසර ලබා දී ඇත්තේ තුන්දහසකට පමණයි. මෙවර හජ්වන්දනාවට ශ්‍රී ලංකාවෙන් වන්දනාකරුවන් පන්දහසක් සඳහා අවසර ලබා දෙන ලෙස හිස්බුල්ලා මහතා සිය අභියාචනයේ සඳහන් කර ඇත.