2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරම පදවිය මුල් කරගනිමින් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.රාජ්‍ය නත්තල් උත්සවය සෑම වසරකදීම රදගුරු පදවියක් මුල් කරගනිමින් එම පදවියේ රදගුරු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු කරනු ලැබ ඇත.
ඒ අනුව සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.
'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන තේමාව යටතේ මන්නාරම කතෝලික පදවිය මුල් කරගනිමින් පැවැත්වීමට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.