මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රථම මල් පූජාව ද සිදු කළේය. බුද්ධ ප්‍රතිමාවේ භාරකාරීත්වය පූජ්‍ය අලියාවලේ විපුලසාර හිමිපාණන් වහන්සේ වෙත භාරකිරීමද මෙහිදී සිදුකෙරිණි.