Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසීය.
නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් මහා නායක හිමියෝ මේ බව ප්‍රකාශ කර සිටියහ. මේ රට බහු ජාතික බහු ආගමික රටක් බව සියලු ජාතීන් තේරුම් ගත යුතු බව ද මහා නායක හිමියෝ අවධාරණය කර සිටී.
ජනපතිවරණය ඉතා සාමකාමීව පැවැත්වුණු ආකාරයෙන් නව වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පවත්වා ගැනීමට සියලු ජනතාව උනන්දු විය යුතු බවත් යම් සිදුවීම් මුල්කර ගනිමින් අවුල් වියවුල් ඇති වූවොත් එය රටේ පරිහානියට හේතු වනු ඇති බවත් මහා නාහිමියෝ ප්‍රකාශ කර සිටිති.
සියලු ජනතාව මේ රට අපේ කියන හැඟීම ඇතිව කටයුතු කරන්නේනම් සැමට සතුටින් එකට වාසය කළ හැකි වාතාවරණයක් ගොඩනැගෙන බවත් නව වසර සියලු ජනතාවගේ පැතුම් ඉටුවන සෞභාග්‍යමත් වාසනාවන්ත එකක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවැසූහ.
මහනුවර ෂේන් සෙනෙවිරත්න
rana Tuesday, 31 December 2019 01:13 PM
"මේ රට බහු ජාතික හා බහු ආගමික රටක්" මට කනේ පාරක් දීපන් බන් , මට හිතෙන්නේ මම දවල් හිනා දකිනවද කොහෙද .
Reply : 1 17
malik Tuesday, 31 December 2019 02:28 PM
ඔබ වහන්සේකේ පණිවිඩය සහ අනුශාසනාව ඉතාමත් වෙධ්ගත් සියලු එය පිලිගතයුතුය්
Reply : 0 30
Champa Tuesday, 31 December 2019 10:39 PM
හැමෝම දැන් යූ-ටර්න්. ජනාධිපතිවරණයට කලින් ලංකාව සිංහල බෞද්ධ රටක්. දැන් බහු ආගමික බහු ජාතික රටක්ලු. මහනායක හාමුදුරුවනේ, චන්දෙට ඉස්සෙල්ල වගේම චන්දෙට පස්සෙත් ලංකාව සිංහල බෞද්ධ රටක්. බහු ජාතික බහු ආගමික රටක් කියල කියන්න පුළුවන් ඉන්දියාව වගේ 2000 කට වැඩි ජනවර්ග සිටින, ආගම් 1699ක් තියෙන, භාෂා 19,500ක් කතා කරන රටකට. ලංකාවේ තියෙන්නේ භාෂා දෙකයි, ජාතින් 3යි. එයිනුත් 76% ක්ම සිංහලයන් සහ සිංහල බෞද්ධයන් 70%ක්. ඒ හින්ද ලංකාව බහු ආගමික බහු ජාතික රටක් නෙමෙයි. 1988 දී සිංහලයන්ගෙන් 93% ක්ම බෞද්ධ. මේ සංඛ්‍යාව අඩු වුනේ වෙනත් ආගමිකයන් බෞද්ධයන්ව විවිධ ක්‍රම වලින් එම ආගම් වලට හරවා ගත්ත නිසා. ඔබ වහන්සේලාත් ඇත්ත දැන දැනම දේශපාලකයන් කියන කියන විදිහට මේ වගේ ප්‍රකාශ කරන්න ගියොත් වෙන්නේ දැන් ඉන්න 70% බෞද්ධය්නුත් කලකිරිලා මේ රටෙන් බෞද්ධයන් තුරන් වෙන එක. දේශපාලකයන් රැකෙන විදිහට නෙමෙයි මහ නායක හාමුදුරුවනේ, බෞද්ධාගම සහ සිංහල බෞද්ධයන් රැකෙන විදිහට කතා කරන්න. දේශපාලකයෝ එනවා යනවා. නමුත් සම්බුද්ධ සාසනය පවතිනවා. ඒ සම්බුද්ධ සාසනය රැක ගන්න මේ රටේ හැමදාම බෞද්ධයන් ඉන්න ඕනේ. රටේ පාලකයන් අනාගමිකයන් නොවී බෞද්ධයන් වෙන්න ඕනේ.
Reply : 44 117
Upul Friday, 03 January 2020 11:53 AM
චම්පා ඔයා මහානායක හාමුදුරුවන්ටත් අනුශාසනා කරන්න එන්න එපා... මේවා යූ.ඇන්.පී.කාරයෙක් කිව්වනම් තමයි නරක. බලනකොට මංගල කියපු දේ හරිනේ... ජාතීවාදීන් සියලු දෙනා බෞද්ධ වන්නේ හාමුදුරුවරු ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන විට පමණයි.
Reply : 0 1
ටෝනී Wednesday, 01 January 2020 12:17 PM
චන්දයක් තියෙනවනෙ, නේද?
Reply : 1 2
K b Monday, 03 February 2020 05:09 AM
අපේ රට සිංහල බොදු රටක්. මොකෙක් හරි ඇවිල එක නැති කරන්න හදනවා. මේ මල්වතු අස්ගිරි දෙපාර්ශවය කුල මල වලින් පිරුණු තැනක්. මේ රටේ සාමාන්‍ය සිංහලයට කියපු කරපු දෙයක් තියනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd