මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.
එසේම ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා වන අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මුලතිව් පොලීසිය වෙතටද නියෝග කොට සිටියේය.

