Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන් කරනඩලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට ගම්පහ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමට , ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (4දා) රාත්‍රීයේදී තීරණය කළහ.
ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.
ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය, ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියන් විසින් ප්‍රකාශ කොට සිටියහ.
තවද උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිදු විහාරස්ථානයට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවයි.
තිලකරත්න දිසානායක
Daham Wednesday, 05 June 2019 03:57 AM
බුදුරජානන්වහන්සේ කියල නැහැ ගස් ගල් වලට වදින්න කියල පන්සල් වලට යන්න ඕනේකියල ඔක්කොම බෞද්ධයෝ . මේ තහනම ආශිර්වාදයක් .
Reply : 1 12
Champa Friday, 07 June 2019 01:26 AM
Daham - නිකම් නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද? මොනවාද ගස් ගල් වඳිනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේ සත් සතියේ දෙවෙනි සතිය වෙන කලේ බුද්ධත්වය ලබා ගැනීමට තමන් වෙහෙසුණු අවදියේ තමන්ට සෙවණ දුන්නු ඇසටු බෝ ගසට කෘතවේදය සලකන්න අනිමිසලෝචන පූජාවෙන් සිටිමින්. තමන්ට පිහිට වුනු ගසකට වුනත් කෙලෙහි ගුණ සැලකීම පිලිබඳ පලවෙනි ගුණවත් පාඩම බෞද්ධයන්ට ඉගැන්නුවේ එහෙම. ඒ හින්දයි බෞද්ධයන් අදටත් ජයශ්‍රී මහා බෝධින්වහන්සේට සහ ඒ හා සමාන අනිත් බෝ ගස් වලට වන්දනාමාන කරන්නේ. ඊළඟට බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ නාග ගසක් මුල බව සඳහන් වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි වන්දනාමාන කරන්න නෙමෙයි නම් බුදුරජාණන්වහන්සේ සමනල කන්දේ සිරි පතුල තිබ්බේ මොකොද? වඳින්න නෙමෙයි නම් බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ ස්ථූප වල නිදන් කරන්න කේශ ධාතු දුන්නේ මොකොද? වඳින්න නෙමෙයි නම් කැලණියට වැඩම කරන කොට නා පැලයක් ගෙනාවේ මොකොද? ලංකාවට වැඩම කරපු හැම වෙලාවෙම රට පුරා ඇවිද්දේ මොකොටද? ඒ තැන අදටත් අටමස්ථාන සොලොස්මස්ඨාන විදිහට පවතින්නේ වදින්න නෙමෙයි නම් මොකොටද? මේ හැම තැනකම තියෙන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශක්තිය. බෞද්ධයෝ වඳින්නේ ඒකට.
Reply : 91 1
Champa Friday, 07 June 2019 06:15 PM
දහම් තවත් දෙයක් තියෙනවා කියන්න ගස් ගැන කියපු හින්ද. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පැල කරලා තියෙන්නේ බුදුරජාණන් තුන්වෙනි පාර ලංකාවට වැඩම කළා වෙලාවේ අනුරාධපුරේ ගිහින් බණ කියන්න වාඩි වෙලා හිටපු තැන. එතන තියෙන්නේ ඒ ශක්තිය (energy). ඊළඟට කිරි වෙහෙරේ නිදන් කරලා තියෙන්නේ බුදු හාමදුරුවෝ බණ කියපු රන් පුටුව සහ සිද්ධාර්ථ කුමාරයා අනෝමා ගංතීරේ හිසකෙස් කපපු කඩුව. මේ වෙහෙර විහාර අවුරුදු දහස් ගණන් පවතින්නේ බුද්ධ ශක්තිය ඒවායේ ගැබ් වෙලා තියෙන හින්ද. තව බොහෝ අනුහස් තිබ්බ වෙහෙර විහාර සහ ස්ථාන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් සහ ඉංග්‍රීසි ජාතින් විනාශ කරලා දැම්ම.
Reply : 13 0
jayantha ranatunga Wednesday, 05 June 2019 04:35 AM
ජය වේවා
Reply : 0 0
Kumar Wednesday, 05 June 2019 07:02 AM
තමා ගාතනය කරන්න පැමිණි අංගුලිමලයටත් බුදුරජාණන් වහන්සේ අනුකමපකරලා පිහිටවුනාලු. ඔබවහන්සේලා ඒ උත්තමයාගේ ධර්මය නොවේද පිලිපදින්නෙ. මම විශ්වාස කරන විදියට බුදුදහම අදහන්න පන්සල් අවශ්‍යනැ.
Reply : 89 95
Champa Wednesday, 05 June 2019 08:45 AM
හුරේ එල එල. තව කොහේ හරි මෙහෙම තහනම් කළා. මට මතක හැටියට පොළොන්නරුවේ. 2015 ඉඳන් කියන්නේ වහල් ආණ්ඩුව (ඒ කාලේ අපි මේ ආණ්ඩුවට කිව්වේ යමපාලනය කියලා) සහ ජනාධිපති අගමැති ඇතුළු සියලු ඇමතිවරු boycott කරන්න කියල. උත්සව කිසි දෙකට යන්න එපා එන්න කියන්නත් එපා කියල. මුළු රටම සහ හාමුදුරුවරු සියල්ල ඒ දවස්වලම වහල් ආණ්ඩුව boycott කළා නම්, මෙලහට දෙකින් එකක් වෙලා අනිත් එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ මංගලගේ අරමුණ මොකක්ද කියලා. ඉස්සෙල්ල මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කිව්වා. හැබැයි දෙවෙනියට කිව්වා එක වෙන අරමුණකින් කිව්වා වෙන්න පුළුවන්.
Reply : 1 1
Dayan Wednesday, 05 June 2019 11:18 AM
හාමුදුරුවෝ කොහොමද කවුරුවත් පන්සලකට එන එක තහනම් කරන්නේ. පන්සල් ඔනාකෙනෙකුට විවර්ත බවෛ අපි අහල තියෙන්නේ. ගිහියන් වැරැදිවලින් මුදවාගන්න පුලුවන්ද එන්න එපා කියල. එව බලව නෙමේද?
Reply : 11 42
Nandana Wednesday, 05 June 2019 02:20 PM
බොහොම අගය කරමි ,මේක මුළු ලංකාවේම පන්සල් පල්ලි අනුගමනය කරත්වා.
Reply : 12 29
dilal Wednesday, 05 June 2019 09:12 PM
මේ තුන්දෙනාට පමණක් නොවෙයි.කිසුදු දෙසපලකයෙකුට ආගමික සිද්ධස්ථානවලට ආරාධනා නොකරනවානම් මේ රටට මහත්පල මහානිසංස ලැබෙනෙව.මිට මස දෙක තුනකට පෙර මම අහගෙන හිටිය ජනාධිපතිතුමා කියනවා එතුමා සතියකට දින තුන හතරක් පන්සල්වල උත්සවවලට සහභාගිවන බවත් දින හතරක් පහක් පාසල්වල උත්සවවලට සහභාගිවන බවත් ඉතින් ජනාධිපතිවරයෙකුට වෙලාවක් තියෙනවද රටේ සංවර්ධනය ගැන වැඩකරන්න.අන්න එකයි මම කියන්නේ කිසිම දෙසපලනයෙකුට උත්සවවලට ආරාධනාකරන්න එපා කියා ඒ ඇත්තන්ටත් පුළුවන් අනිකුත් ගිහියන්වගේ පන්සල් එන්න .ඒවගේම ආගමික නායකයින් රාජ්ජ පාලනයට ඇඟිලි ගහන හැම රටකම විනය පිරිහෙලා ආර්ථික දියුණුවක් නැහැ. දුප්පත් ජනතාව වැඩියි.දැන් බලන්න ආගම් හා රජ්ජපලනය වෙන වෙනම යන ඕස්ටේලියාව ඇමරිකාව වගේ රටවල හොඳ දියුණුවක් තිබෙනවා.
Reply : 1 13
Don Wednesday, 05 June 2019 09:24 PM
සිවුරට මුවාවෙලා පන්සල් එන්න එපා කියන්න මේ අය බුධ්ධාගමේද? බුදුහාමුදුරුවොත්, බුද්ධ ධර්මයත් විකුණන් කන්න එපා. මහින්දට පන්සලට ගිහින් දේශපාලනය කරන්න කඩේ යන්නේ, මේ JR කිව්වා වගේ පඩික්කම් පුරවන අය.
Reply : 21 48
rocky Thursday, 06 June 2019 06:31 AM
පන්සල් තහනම් කරන්න ඕන පහලගම සෝමරතන වගේ අලජ්ජින්ටයි. ඔහු ලන්ඩන් විහාරේ ලොකු හාමුදුරුවෝ වෙලා ඉද්දි ළමා අපචාරවලට උසාවියෙන් වැරදිකරු කරලා හිරේට නියමවුන කහකඩයෙක්.
Reply : 0 23
thilakasiri Friday, 07 June 2019 12:13 PM
බුදුන් වහන්සේ තමන්ට විරුද්ධ වූ දේවදත්ත ඇතුළු පන්දහසක් වූ පිරිසට ආශ්‍රමය තහනම් කලේ හෝ එලවා දැමුවේ හෝ නැත. එම පිරිස ඔවුන්ගේ ම වැරදි නොදැක, ඔවුන්ගේ ශික්ෂණය තුලම වැරදි තබාගන, බුදුන් වහන්සේටත් වඩා දන්නවා යයි සිතා අභ්මානයට පත්ව, බුදු ඇසුරේ සිටියත් කුශලයෙන් තොර වූ මේ බොල් පිරිසට ධර්මය ලබා ගැනීමට හේතු නැතිවිය. අදත් ඒ දේවදත්ත ඇතුළු පන්දහසක් වූ පිරිස අනුව යන එම පරපුරේ ගිහි - පැවිදි දෙගොල්ලොම සිටිති. ඒ කවුරුත් තමන් හරියි සිතා අවැඩම කරති. නමුත් බුද්ධ වචනය වුයේ, අම්මා-තාත්තා-සහෝදර-සහෝදරී-ස්වාමිපුරුෂය- භාර්යාව-හිතවතා-හිත්වතී-ග්රුවරු හෝ අනෙකුත් කිනම් ආගන්තුකයෙකු-දෙවියකු කීවත්, පොතක පතක ලියා තිබුනත්, බුදුන්වහන්සේම කීවත්, එපමණින් ම සර්දාව,භක්තිය හෝ ගෞරවය නිසා යමක් පිළිනොගෙන, ඒ සියල්ල විමසා බලා හරියට හරිද වැරදිද කියා තමා විසින්ම තම ස්වයං භූ ඥානයෙන් අවභෝධ කරගත යුතු බවයි. එවැන්නෙකු සැකසහිත දැකීමෙන් මිදී, විචිකිච්චවෙන්ද මිදී, තමන් විසින්ම නිවැරදිව වටහාගත් ශික්ෂණ හෙවත් ශීල-අචාර වලින් යුතුව අපාගාමී නොවී සසර සැරිසරමින්, යථා-අවභෝදයෙන් හා නිවී-සැනසීමෙන් සියල්ල අබිබවන බවයි. එනිසා බුද්ධ වචනය අනුගමනය කරමු.
Reply : 0 0
rocky Friday, 07 June 2019 02:29 PM
champo, බවුද්ධ ධර්මය කියන්නේ බවුද්ධ සාහිත්‍යයට නොවෙයි. මොකද්ද සත් සතිය? සතිය කියලා දවස් හතේ අද වගේ සතියක් ඒ කාලේ දඹදිව තිබුනේ නැහැ. අප කියවන බුද්ධ චරිතය ලලිත විස්තරය ඇසුරෙන් ලියපු එකක්. ඊට වඩා පරණයි, අශ්වඝෝෂගේ බුද්ධ චරිතය. සාහිත්‍යකාරයෝ බුදුන්ව දෙවියන්වහන්සේ කෙනෙකු කරන්න ලියපු අතිශයෝක්තියෙන් පිරිච්ච තැන් පරස්පර විරෝධතා ඕවගෙන්ම මතුවෙනවා. කියවන්න පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ සමහර පොත්. කවුද බුදුන්වහන්සේ ලංකාවට පැමිණි බවක් කියන්නේ? අපේ වංස කතා විතරයිනේ. මොනවද උන්වහන්සේ මෙහිදී දේශනා කරපු සුත්‍ර? අයිතිහාසික වශයෙන් මොනවද තියන සාධක? කන්දක් උඩ පා සටහනක් තියලා, `ඔන්න වන්දනාමාන කරපල්ලා` කියලා උන්වහසේ කියන්න ඇති කියල හිතනවද? "යං නම් මදාය නදියා - පුලිනේච තීරේ` කියලත් ගාථාවේ තියනවා නේද? උන් වහන්සේ වැල්ලෙත් පා සටහන් තිබ්බද? අනේ මෙහෙමත් මෝඩ කතා!! ඔහෙත් ප්රාග් අයිතිහාසික විදිහටනේ හිතන්නේ. කාලාම සුත්‍රය ටිකක් බැලුවොත් නරකද?
Reply : 0 103
rocky Friday, 07 June 2019 02:42 PM
පන්සලට ගිහියෙකුගේ පැමිණීම තහනම් කරන්න කිසිම හාමුදුරු කෙනෙකුට බැහැ. අයිතියක් නැහැ!. පන්සල කියන්නේ සාංඝික පොදු ස්ථානයක් මිස හාමිදුරුවන්ගේ පෞද්ගලික දේපොලක් නොවෙයි. එහෙම හිතාගන කටයුතුකරන හොර තක්කඩි සිවුරුකාරයන්ව පන්සල්වලින් පන්නන්න ගිහියන් දැනගන්න ඕන. පහලගම සෝමරතන වගේ කුපාඩිකම් කරලා එංගලන්තෙත් ගඳගස්සලාමෙහෙට මාරුව්ච්ච ගනයෙකුව `තට්ටේ තාර ගාලා එලවන්නේ නැතුව` `මහා සංඝරත්නය` කියලා වන්දනා කරන්න තරම් දීන වෙච්ච සිංහල-බුද්ධාගම්කාරයන් ගැන අනුකම්පා හිතෙනවා!! මමත් බවුද්ධයෙක්. එත් බුද්ධාගම්කාරයෙන් නොවෙයි!!
Reply : 0 0
Champa Friday, 07 June 2019 06:26 PM
Thilakasiri දේවදත්තට අනුගාමිකයෝ පන්දහසක් හිටියේ නැහැ. 500යි. ඒකත් අලුතෙන් පැවදි බව ලැබූ තරුණ හාමුදුරුවරු. දේවදත්ත ඔවුන් නොමඟ යවපු නිසා බුදු හාමදුරුවෝ සැරියුත් මුගලන් දෙනම යවල ඔවුන්ගේ වැරදි අවබෝධය නැති කරලා නැවත එකතු කරගත්ත. ඒ අර 500. දේවදත්ත ඒ ගොඩේ නැහැ. ඊට පස්සේ තුන් පාරක් බුදුහාමුදුරුවන්ව ඝාතනය කරන්න හැදුව. අජාසත්ත රජ කුමාරයාව තමන්ගේ පියා බිම්බිසාර රජ්ජුරුවන්ව ඝාතනය කරලා මගධ රටේ රාජ්‍ය බලය අර ගන්න පෙළඹෙව්වේත් අජාසත්ත. හැබැයි දේවදත්ත මැරෙන මොහොතේ තමන්ගේ පව් මතක් වෙලා අන්තිමට බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙන්න ඕනේ වුන. නමුත් ඊට ඉස්සෙල්ල මැරුණ.
Reply : 0 2
Faru Saturday, 08 June 2019 10:16 PM
Man නම් හිතන්නේ dan මේ රටේ minissu okkoma එක aramunaka inna ඕන kiyala.අපේ හිමිවටු දැවැන්ත සටනක යෙදෙන්නේ උන් වහන්සේලාගේ දරුවන්ට රට රක දෙන්න නෙමෙඉ.අපේ රටේ අනාගත paramparawata.සටන් කරන්න නෙමෙඉ ඕන අපි සමගියෙන් පාටට බැහැල අපේ රක්ෂාව ව්ර්නුවෙන් ඉල්ලීම් කරලා රට රක ගන්න එක.budda chiware dagena inna ayata apahasa kirime පාප කර්මය ගොඩක් darunui. E නිසා අපි උන් wahanselata sahayogaya demu .ratata adare කරන hamuduru watunta අසිර්වද කරමු..අපි අපේ උදුනට කරන ගෞරෙයක් විදියට මේ රට අනාගතේ පරපුරට කුසල් දහම් කරගන්න ආරක්ෂා කර්ඩලා demu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd