බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව එජාප සභාපති, මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
අද (01) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද, අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.
රටේ ඒකීය භාවය මෙන්ම ස්වෛරී භාවය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය සෑම විටම කටයුතු කරන බව පැවසූ එජාප සභාපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ගණනාවක් රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පවා පූජා කර තිබෙන පක්ෂයක් බවත්, පක්ෂයේ සියලු දෙනාම සෑම විටම එම ස්ථාවරයේ සිටි බවත් සඳහන් කළේය.
චමිල් රූපසිංහ