බැතිමතුන් කිසිවෙකුත් නොවූ පල්ලියක ගොබ් ඉරිදා දේව මෙහෙය පවත්වමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළේ කොරෝනා වසංගතයෙන් පීඩි විදින අය වෙනුවෙන් උදව් කිරීමට තරුණයන්ට ඉදිරියට පැමිණෙන ලෙස බවයි.
සාමාන්‍යයෙන් දහස් ගණනක් සංචාරකයින් ඉදිරිපිට එළිමහනේ පවත්වනු ලබන මෙම දේව මෙහෙයට පූජකවරුන් හා කන්‍යා සොහොයුරියන් අතළොස්සක් පමණක් එක්ව සිටි අතර ඔවුන් සියල්ලන්ම සමාජ දුරස්තභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබුණි.
"මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි” උන්වහන්සේ පැවැසූහ.
"ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට සහ අන් අයට කැප කිරීමට බිය නොවන්න” යැයි උන්වහන්සේ පැවැසූහ.
ගොබ් ඉරිදා දේව මෙහෙයෙන් පාස්කු සතිය ආරම්භ වෙයි. එය කිතුනු පූජනීය දින දර්ශනයේ වැදගත්ම සතිය වන අතර එය ලබන අප්‍රේල් 12 වන ඉරිදා පාස්කු ඉරිදා අවසන් වේ.