මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් අද (26දා) සිදු කෙරුණි.
ජනපති අරමුදලින් රුපියල් ලක්ෂ 450ක මුදලක් මෙම ප්‍රතිසංස්කරණය සදහා වැය කර තිබේ. හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජා කර ඇති අතර, මේ වන විට රන් වියන වසර තිහක කාලය තුළ 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාමෙම රන් වියනේ රන්පත් දුර්වර්ණවී ගැලවී යෑමේ තත්ත්වයක් මතුවීම නිසා මෙයට මාස අටකට පමණ ඉහතදී එය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
චමිල් රූපසිංහ