ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ. විශ්වපාරමී පදනම මගින් මෙම කටයුතු සිදුවන බවත් එම පදනමෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ බවත් උන්වහන්සේ පැවැසූහ.
අටමස්ථාන නායක හිමිවරුන්ගේ එකඟතාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Champa Friday, 25 October 2019 07:46 AM
මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ? මොකක්ද මේ චන්ද කටේ තියාගෙන රුවන්මැලිසෑයට කරන්න හදන්නේ? අවුරුදු 80ක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. අනික රුවන්මැලිසෑයේ කොත් වහන්සේට කිසිම ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවක් පේන්නේ නැහැ. මොකක්ද ඔය contract එක දීපු ආයතනය? විශ්වපාරමි - නම ඇහැව්වහම වුනත් තේරෙන්නේ බොරුවට දාගත්ත නමක් වගේ. මේ ආයතනය මීට කලින් ඔය වගේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කීයක් කරලා තියෙනවද? ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට කරන ප්‍රතිසංස්කරණ වගේ නෙමෙයි ලංකාවේ වැඩිම ගෞරවයට පාත්‍ර වුනු රුවන්මැලිසෑයේ කරන ප්‍රතිසංස්කරණ. ඊටත් වඩා කොත් වහන්සේගේ. ඔය කොත් වහන්සේ හදන කොට විවිධ ලෝහ වර්ග සහ චුම්බක පාවිච්චි කරලා තියෙනවා කියල මම අහල තියෙනවා නොපෙනෙන බලවේග වල පණිවුඩ ලබා ගන්න. ඒ කියන්නේ අද භාෂාවෙන් කියනව නම් විශ්වයෙන් එන පණිවිඩ ගන්න. අනික මේ කල්පය අවසානයේ බුදුහාමුදුරුවන්ගේ සියලු ධාතු වහන්සේලා එක්රැස් වෙන ස්ථානය විදිහටත් හඳුන්වන්නේ රුවන්මැලිසෑය. බෝගහක් වට කරලා හදපු එකම චෛත්‍යයත් මේක. ඔය කොත් වහන්සේට අත තියන්න එපා. වහල් ආණ්ඩුව යටතේ කරන කිසි දෙයක් ගැන විශ්වාසයක් නැහැ. කෝ අපේ මහා සංඝරත්නය? දේශපාලනය විතරක් මදි මේ ගැනත් බලන්න.
Reply : 0 0
nimal Friday, 25 October 2019 10:30 AM
මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ දැන් තියෙන කොත්වහන්සේ රජකාලේ එකක් කියල . අර සුද්දගේ කාලේ එල්ලපු සිරිපාදේ ගන්ටරේ ගැන බොරු කතා හැදුවේ. වයසක සීයල අතර ඕවට ආදාර කරපු අයත් ඇති
චමින්ද Friday, 25 October 2019 04:30 PM
නායක හාමුදුරුවනේ මිනිසුන් විවිධ අදහස් පතුරුවන්නේ කරන දෙයක් ගැන නොදන්නා නිසාත් මේරටේ ( හිටපු හා සිටින)පාලකයින්ගේ ක්‍රියාවන් ගැන විශ්වාසයක් නැතිකම නිසාත්ය.පසුගිය කාලයේ ශ්රීපාදස්ථානයෙත් එවැනිදේ වුනායයි කථා ඇතිවුනා.එනිසා මෙවැනි ජාතික වස්තූන් පිළිඹද ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට බැතිමතුනට විස්තර දැනගැනීමටත් ක්‍රමයක් ඇතිකල යුතුයි.පසුගිය සතියේ මමත් අනුරාධපුරේ ආවා.කෙනෙකු කිව්වා මෙය ජපානෙන් කරනවා කියල.තවත් කෙනෙක් වෙනරටකින් කරනවා කිව්වා.මම වන්දනා කල වේලාවෙනම් මෙය කරන්නේ කවුද කියා අසන්න ලැබුනේම නැහැ.මම දැක්ක එකමදේ තමා ආලෝක පූජාවට මුදල් එකතුකිරීම.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd