ගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25000ක මුදලක් හර්තාලය පැවති ඉකුත් 06 වැනිදින රාජ්‍ය අරමුදලට ලබාදිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත ලබාදෙනු ලැබිය.
රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ දි අන්අයටද ආදර්ශයක් ලබදෙමින් සුළුවෙන් හෝ මෙම මුදල රජයට පරිත්‍යාග කිරිමට තමන් කටයුතු කළ බැව් මතුගම ගුණරතන නාහිමියන් මෙහිදි සදහන් කළහ. මේ වනවිට පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් බවට පත්වි ඇති බවත් රටේ ආර්ථිකය දියුණු කිරිමට කිසිවෙක් කටයුතු නොකරණ බවද මතුගම ගුණරතන නාහිමියන් පවසති.