කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අය වෙනුවෙන් පාංශුකූලය ලබාදීමට තම සංවිධානය සූදානම් බව හෙළ බොදු සවිය සංවිධායේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට තම සංවිධානය සූදානම් බවත් ඒ සඳහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් බලාපොරොත්තු නොවෙන බවද උන්වහන්සේ පවසති.
විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැති බවත් එම නිසා හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකි බවද උන්වහන්සේ පවසති.
තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකි බවත් උන්වහන්සේ පවසති.
මේ සඳහා විස්තර පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505, පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049, Whatsapp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි) අංක අමතා ලබාගත හැකි බවද බුදුගල ජිනවංශ හිමියෝ වැඩිදුරටත් පවසති.