අද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ අපවත්වී වදාල අග්ගමහපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
25 වන දින ප.ව.1.30 දක්වා ගල්කිස්ස ශ්‍රී ධර්පාලාරාමය විහාරස්ථානයේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අතර ප.ව.1.3 0 ට ආදාහන පෙරහැර පිටත්වී නිදහස් චතුරශ්‍රයේදී සියලු ආගමික වතාවත් සිදුකරමින් ප.ව.4.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
දෙහිවල ධර්මපාල