අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.
ථෙරවාද බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබදතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදි බෞද්ධ විශ්ව විද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුථවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.
කාලින වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල වන අභියෝග සදහා වඩාත් ශක්තිමත් විසදුම් සෙවීම සදහා මෙම සමුථව ඉතා වැදගත් වන අතර නවීන ලෝකයට ගැළපෙන පරිදි ථෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරිම මෙන්ම ථෙරවාදි බෞද්ධ අධ්‍යාපන කෂේත්‍රෙය් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම ද එහි තවත් අරමුණකි.