‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.
පොසොන් උත්සවය පැවැත්වෙන කාලවකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීමට තීරණය කර තිබේ.
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී ඉකුත් 21වන දින පැවති සාකච්ඡාවේදීය.
මෙම සාකච්ඡාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු 40කට අධික රාජ්‍ය ආයතන නියෝජන කරන වගකිවයුතු නිලධාරීහු සම්බන්ධ විය.