කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව පූජාභුමී ප්‍රවේශ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම - ලක්ෂ 95, ප්‍රවේශ මාර්ගය, චෛත්‍යය සහ සම්පුර්ණ පූජාභුමියට විදුලිය ලබා දීම- ලක්ෂ 150, පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීම - ලක්ෂ 25, සනීපාරක්ෂක පහසුකම් ලබා දීම - ලක්ෂ 90, සංඝාවාස ගොඩනැගිල්ල ඉදි කිරීම - ලක්ෂ 80, කාර්යාලය සහ ගිමන් හල ඉදි කිරීම - ලක්ෂ 56 අවශ්‍ය ස්ථානයන් සඳහා ආරක්ෂිත වැට ඉදි කිරීම-ලක්ෂ 14 ආරක්ෂක කුටිය ඉදිකිරීම-ලක්ෂ 5 යනාදී වශයෙන් මුදල් වෙන්කර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.