සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.
ලෝකයේ රටවල් 11ක වීවිධ ක්ෂේත්රයන් ඔස්සේ ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිදුකරන්නා වූ අනුපමේය සේවය කැප කිරීම උදෙසා මෙම ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි .
මෙම උපාධි ප්‍රදාන උත්සවය සඳහා රටවල් 11 ක වීද්වත්හු සහභාගි වී තිබුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උන්වහන්සේ පමණක් සහභාගි වී සිට තිබේ. මීට අමතරව ඉනාමලුවේ සුමංගල මහා නා හිමියන් වෙත කොරියාවේ ඉන්ඩම් විශ්වවිද්‍යාලයෙන්ද ආචාර්ය උපාධියක් පිරිනමා තිබිණි.
සියම් මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සඳහා සුවිශාල වූ දායකත්වයක් ලබාදී තිබිණි. එමෙන්ම දේශීය භික්ෂූන් වහන්සේලා උදෙසා හා ධර්ම ප්‍රචාරණය සඳහා උන්වහන්සේ අතිවිශාල කැපකිරීම් රැසක් සිදුකර ඇති යතිවරයාණන් වහන්සේ නමකි.
ලොව රටවල් ගණනාවක සෘජු සම්බන්ධතා පවත්වාගෙන යමින් බෞද්ධ පුනරුදය ඇති කිරීම උදෙසා උන්වහන්සේ සිදු කළ අනුපමේය කැප කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ඡාත්‍යන්තර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණයකින් පසුව උන්වහන්සේට මෙම ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයකි.
ඒස් කරුණාරත්න