saravita-anim2

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

Religion - timelapse 7803 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 28 දක්වා ඉහළට

calendar_today 2020 මාර් 16 - 20:33 remove_red_eye - 1394  

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව වි​ශේෂ​ඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය.

Read More

මෙම ඉන්දීය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාර්තු 6 වැනි දින ග්‍රීසියේ සිට ඉන්දියාවට පැමිණි වෛරසය ආසාදනය වූවෙකි.

Read More

ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී කරවා ගෙන විවිධ ආගමික සංවිධාන මගින් සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා අද (16දා) මහතා පැවසීය.

Read More

ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ.

Read More

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහ රෝගය පැතිරෙන්නේ කෙසේද? වෛරසය වැලඳෙන සියලුම පුද්ගලයන්ට රෝගය මාරාන්තික වෙනවාද? උණු වතුර පානය සහ අධික උෂ්ණත්වයේදී රෝගය පාලනය වෙනවාද? රෝගය ලංකාවට කෙසේ බලපායිද ආදී කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම පිණිස හම්බන්තොට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සමග සිදුකරනු ලැබූ සාකච්ඡාව

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.03.17 සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තර​ඟ කිරීමට තීරණය කර තිබේ.

Read More

චීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.

Read More

මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවකදී අණාවරනය කළේය.

Read More

22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

Read More

කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල තුළින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සමස්ත මහජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය​ට (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.

Read More

කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.

Read More

මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ කටයුතු මේ වනවිට ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

මන්නාරම නගරය කේන්ද්‍ර කරගනිමින් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති සූදානමකට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් ඊයේ (15) සවස සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

Read More

කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශිඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද (16) දිනයේ සිට යළි දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශංය තීරණය කර ඇත.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.

Read More

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.

Read More

මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ. ‍

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.