saravita-anim2

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

Religion - timelapse 7748 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 110ක් දක්වා ඉහළට

calendar_today 2020 මාර් 28 - 16:14 remove_red_eye - 810  

අද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළේය.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරිණ.

Read More

අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි.

Read More

අද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහාය සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා තිබේ.

Read More

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.

Read More

සෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායන පවසයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ‍ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි

Read More

ආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම ගොස් ලබා දිමේ වැඩ සටහනක් 28 වෙනිදා දහවල් පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය මගින් ආරම්භ කර ඇත.

Read More

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.

Read More

ඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව යුදහමුදා නිලධාරීන්ද රාජකාරියේ යෙදවූ බව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා පැවසීය .

Read More

ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍බ‍ය කාර්‍යලය කියයි .

Read More

පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්‍රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

Read More

කොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Read More

එලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28දා) උපදෙස් ලබා දුන්නේය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.

Read More

දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ ( 27) දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

Read More

වී වගාවට අමතර ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

දකුණු පළාතේ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සඳහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.

Read More

(LONG READS)ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර, තුන්වැන්න කුඩා කණ්ඩායමක, සමූහයකට රෝගය වැළඳීමයි. හතරවැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවයි.

Read More

කොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.

Read More

ගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

Read More

මහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.

Read More

මීට වසරකට පෙර සාමාන්‍ය සාන්ද්‍රණයන්ට සාපේක්ෂව පැරිස්, මිලාන් සහ රෝමය පුරා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ අඩුවක්.

Read More

හොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණ පුද්ගලයෙකු ඒ බව නොදැන අටලුගම නිවාස කිහිපයකටම ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමේ නිවාස 26ක පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

Read More

රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සමතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.