saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

Religion - timelapse 5912 hours ago

LATEST

දින 100කින් කොවිඩ් ආසාදිතයන් මිලියනයක්?

calendar_today 2021 මැයි 18 - 16:42 remove_red_eye - 1357  

දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තාවෙයි.

Read More

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. තුරෙයිරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 424823ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 981ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 854 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,307 දෙනෙකු අද (17) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද තීරණය කරන ලදී.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් 16දා දිනය තුළදී පමණක් කෝවිඩ් ආසාදිතයන් 99ක් වාර්තාවී ඇති අතර මේවන විට රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 1616ක් කෝවිඩ් ආසාදිතව තවමත් ප‍්‍රතිකාර ලබන බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 17දා පැවසුවාය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මියගොස් දින තුනකට පසු ඊයේ (16දා) රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ එන්නත් සම්බන්ධයෙන් වන වඩාත් වැදගත් දැනුම් දීමක් ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි

Read More

ඊයේ දිනයේ එන්නත්කරණය සිදුවු අතර කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබේ.

Read More

ලක්සල හා සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 375316ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.

Read More

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, කලුතර, පොලොන්නරුව හා නුවරඑළියට අයත් ප්‍ර දේශ කිහිපයක් මෙසේ හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

Read More

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, ගාල්ල, අම්පාර, කලුතර, මාතලේ හා නුවරඑළියට අයත් ප්‍ර දේශ 70ක් මෙසේ හුදෙකලා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 962ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වූහ.

Read More

පළාත් සංචරන සීමා පනවා තිබුණද හෙට (17) අළුයම සිට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පිට පළාත්වල සිට කොළඹට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 480ක් (16) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1732ක් වාර්තා වි තිබේ.

Read More

හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පළාත් අතර සීමිත බස්රථ ප්‍රමාණයක් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසී්‍ය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් 16 දිනයේ පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයක් (15) වාර්තා වී තිබුණි. එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි. ඒ සමග​ම ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

මාරවිල මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 29ට කොවිඩ් 19 ආසාදිතවී ඇති බවට තහවුරු වීමත් සමග රෝහලේ ශල්‍යාගාරය, ශල්‍ය හා ගැබිණි වාට්ටු තාවකාලිකව ඊයේ (15දා) සවස සිට වසා දැමිමට පියවර ගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.