මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.
මහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර හෙට (11දා) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.
Read Moreශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ 2ති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreදීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.
Read Moreදේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
Read Moreජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreමොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.
Read Moreපුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.
Read Moreබුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ.
Read Moreගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25000ක මුදලක් හර්තාලය පැවති ඉකුත් 06 වැනිදින රාජ්‍ය අරමුදලට ලබාදිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත ලබාදෙනු ලැබිය.
Read Moreපසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .
Read Moreමෙම ආපදාසම්පන්න අවස්ථාවේදි ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් රජයේ සියලු අනවශ්‍ය වියදම් කපා දමා මැති ඇමති වරප්‍රසාද අඩුකර ඒවා මහජන සුබ සිද්ධිව වෙනුවෙන් කැපකර ජනතාවට මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස සිව්නිකායිික මහා නාහිිමිවරු රජයට විශේෂ ලිපියක් යොමුකරමන් පවසයි.
Read Moreඔබේ දරුවන්ට අඳින්න නැති මේ වෙලාවේ අපට සිවුරු මිලදී ගන්න එපා. අටපිරිකර පවා මිලදී ගෙන පූජා කරන්න වෙහෙසෙන්න එපා. සාංඝික දානයකදී වෑංජන වර්ග දෙකකට වඩා එපා. පේරු දානයට එක වෑංජනයක් ප්‍රමාණවත්. කිරිහොද්දක්,පොල් සම්බොලයක්, ලුනු මිරිසක් වුනත් ඇති.
Read Moreරජ දවසින් පසුව මෙරට ඉදි කරන විශාලම පිච්ච මල් උයන සඳහා පිච්ච මල් රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (26 දා) අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී සිදු කෙරිණි .
Read Moreඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්යා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා ප්‍රකශ කළේය .
Read Moreඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (20දා) සඳහන් කළහ.
Read Moreකොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.
Read Moreබදුල්ල නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.
Read MoreLTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ’’එය කලයුත්තක්’’ බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්යභවේදියෙකු නැගූ ප්රනශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (2) කොලොන්නාවේදී පැවසූහ.
Read Moreවියට්නාමයෙන් බිහිවී බුදුදහමට අනුපමේය සේවයක් කළ සෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ තිච් නට් හාන් භික්ෂුව පසුගියදා (22දා) අපවත් වී වදාළහ. සිය මූලික ඉගැන්වීම වූ සාමය හා සිහිකල්පනාව පෙරදැරිව ජීවිතයේ පරමායුෂ විඳි උන්වහන්සේ සිය ඉගැන්වීම්වලට අනුකූලවම සාමයෙන් සිය අවසන් කාලය ගත කළ බව උන්වහන්සේ විසින්ම ආරම්භ කළ ප්ලම් විලේජ් ආයතනය ප්‍රකාශ කළේය. වර්තමානයේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ බෞද්ධ භික්ෂුවක් ලෙසින් සැලකෙන තිච් නට් හාන් භික්ෂූන් වහන්සේ අපවත් වන විට 95වැ
Read Moreකොවිඩ් 19 වෛරසය යළිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවැසූහ.
Read Moreඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.
Read Moreමහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.
Read Moreතිස් වසරක යුද්ධය නිමවා රටට සාමය උදාවීම සමරා රත්නපුර පිහිටි ඓතිහාසික සමන්දේවාල භූමියේ ඉදිකළ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රථම මල් පූජාව සහ සමන් දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (28දා) සිදු කෙරුණි.
Read Moreසති අන්ත නිවාඩුව සහ (25) දිනට යෙදි ඇති නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිම සඳහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.
Read Moreපැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.
Read More