රටේ ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රි දළදා මාලිගාව මගින් එවැනි විශේෂ පෙරහැර සංවිධානය කරන අතර මෙම පෙරහරේදී ජනරජ ලාංජනය සහිත අලි ඇතුන් පෙරහැරකින් මහනුවර නගරයේ වීදි කීපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය
කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තාානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත් දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහො දෙනෙක් මෙම මිත්‍යාවට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසති.
Read Moreඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
Read More2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.
Read Moreඅද 07 උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
Read Moreමෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා වාරය (දෙසැම්බර් )උඳුවප් පුන් පෝය (07) දා සිට ආරම්භ වී 2023 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන නිමාවට පත්වීමට නියමිතය.
Read Moreඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read More2022-2023 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය, රත්නපුර පොත්ගුල් විහාරය උභය විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්යය අතිපුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසූහ.
Read Moreඅනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත්වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ මෙසේ අපවත්වූහ.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.
Read Moreනව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාවට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් කාබද්ධ ලිපියක් යොමුකොට තිබේ.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.
Read Moreවාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.
Read Moreමහනුවර ඇසල මංගල්‍යෙය් අවසන් රන්දෝලි පෙරහර සජීවීව..
Read Moreමහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන සහභාගීත්වයක් අද (11) දින දක්නට ඇති බව අරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreමහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර හෙට (11දා) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.
Read Moreශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ 2ති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreදීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.
Read Moreදේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
Read Moreජාතික පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreමොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.
Read Moreපුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.
Read Moreබුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ.
Read Moreගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25000ක මුදලක් හර්තාලය පැවති ඉකුත් 06 වැනිදින රාජ්‍ය අරමුදලට ලබාදිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත ලබාදෙනු ලැබිය.
Read Moreපසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .
Read Moreමෙම ආපදාසම්පන්න අවස්ථාවේදි ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් රජයේ සියලු අනවශ්‍ය වියදම් කපා දමා මැති ඇමති වරප්‍රසාද අඩුකර ඒවා මහජන සුබ සිද්ධිව වෙනුවෙන් කැපකර ජනතාවට මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස සිව්නිකායිික මහා නාහිිමිවරු රජයට විශේෂ ලිපියක් යොමුකරමන් පවසයි.
Read More