saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Religion - timelapse 9325 hours ago

LATEST

ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට ආරම්භ වෙයි

calendar_today 2019 මාර් 15 - 21:43 remove_red_eye - 628  

ත්‍රිපටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ යෝජනාව නිමිත්තෙන් පවත්වන ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට (16දා) සිට මාර්තු 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.

උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ බොදු සමළුවක් මාර්තු මස 29දා වව්නියාවේදී පැවත්වීමට සියල්ල සූදානම් බව උතුරු පළත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

Read More

තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.

Read More

කුල දරුවන් සිවු දෙනෙකු සසුන් ගත කිරීමේ පින්කමක් අද (12) එප්පාවල ගල්කන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

Read More

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රි ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සග සතු කොට පූජා කිරීමේ පුණෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (31) පස්වරුවේ පැවැත්විණි.

Read More

වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඓතිහාසික පිටියේගෙදර රජ මහා විහාරස්ථානයේ වසර 300 කට වඩා ඉපැරැණි විහාර මන්දිරයෙහි වහලයේ තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කොත් වහන්සේ දෙනම ඊයේ 29 වනදා සොරුන් විසින් සොරකම් කර ඇති බව විහාරාධිපති මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය කෙවුල්ගම සුමනසාර හිමියන් විසින් වත්තේගම පොලීසිය වෙත පැවිණිලි කරනු ලැබ තිබේ.

Read More

සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Read More

ශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්යෝත්සවය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23)සිදු කෙරුණි.

Read More

සබරගමුව පළාතට බුදුරදුන් වැඩම කර වසර 2600 පිරීම මෙම වර්ෂයට (2019)යෙදීම නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

Read More

ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.

Read More

මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.

Read More

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ජපානයේ ප්‍රධාන සංඝනායක, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති, කොළඹ අග්‍රශාවක මහාවිහාරාධිපති සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දියානු ජාතික ලේඛක ශකීල් සිද්දික් මහතා ඉංග්‍රීසි බසින් රචිත අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමි චරිතාපදානය “අංජලිකරණීයෝ” ග්‍රන්ථය 2019 ජනවාරි 05 වැනිදා පෙ.ව 9.00 ට කොළඹ – 02 මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි ජනගත කෙරේ.

Read More

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.

Read More

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සංධියක බුදු පිළිමයකට හානි කිරීමට සූදානම් වන විට ප‍්‍රදේශවාසි තරුණයන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

Read More

මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප‍්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කර තිබේ.

Read More

අධිරාණිගම, ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ඉදි කෙරෙන දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට විහාරාධිපති ප්‍රියංකරගම සුමනවංශ හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

Read More

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

Read More

කෑගල්ල ගලිගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඓතිහාසික බිසෝවෙල රජමහා ලෙන් විහාරයේ ඇතුළත ඇති මහනුවර යුගයට අයත් චිත්‍රවලින් කොටසක් කාලයක සිට විනාශ වෙමින් පවතින බව විහාරාධිපති හා ගලිගමුව දඩුවළගනේ ශ්‍රී චන්දෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ලේඩියංගල සෝරත ස්වාමීන් වහන්සේ පැවසූහ.

Read More

ශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කොටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා සවුදි අරාබියානු රජයෙන් ඉල්ලුම් කර ඇත.

Read More

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.

Read More

මහරහතන් වහන්සේලා දහසයදහසක් වැඩසිටියේයි සැලකෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කරුණු රැසක් නිසා ලෝකප්‍රකට බෞද්ධ ජනයාගේ මහත් කීර්තියට හා වන්දනීයත්වයට පත් සුවිශේෂී ආරණ්‍ය සේනාසනයකි.

Read More

මෙම විහාරස්ථානයේ පිහිටා තිබූ වසර දෙසීයකට වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ලේ බිත්තියක් පසුගිය දිනවල පැවැති වර්ෂාවත් කඩා සමග වැටීම නිසා එහි තිබූ පොත්පත්, පිඟන් කෝප්ප රාශියක් විනාශ වී තිබේ. එම ආවාස ගෙය අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක පවතින හෙයින් දායක දායිකාවන්ගේ ආධාර මත ඒ අසල ඉදිකරමින් පවතින නව සංඝාවාස ‍ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ගැනීමට විහාර කාර්ය සාධක සමිතිය බලාපොරොත්තු වෙයි.

Read More

මඩකලපුව ශ්‍රී මංගලාරාම රජමහ විහාර‍යට අනුබද්ධව පිහිටුවා ඇති ශ්‍රී සුමනරතන මූලික පිරිවෙනෙහි පවතින අඩුපාඩු සපුරා ගැනීමට විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

Read More

බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.