ඉපැරණි බිතු සිතුවම් මෙන්ම යුග හතරක ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අදටත් ජීවමානව දැක ගත හැකි ලෝක උරුම බෞද්ධ සිද්ධස්ථානයක් වන හිදගල රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.
Read Moreඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට කොරෝනා උවදුරෙන් මිදීමට හැකි වේවායි පතමින් අටසිල් සමාදන් වූ විසි එක් හැවිරිදි අයගම තරුණයෙක් පාගමනින් ජයශ‍්‍රී බෝ සමි`දුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන අධිෂ්ඨාන පූජාමය පාගමනක මේ දිනවල නිරතව සිටියි.
Read Moreඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්‍රයෙන් ගමන් ඇරඹීය.
Read More’’එපා එපා මස් කන්නට කිරි අම්මාගේ, ලස්සනට පිපුනු වන මල්, රූ සිරිය ඈගේ’’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම සුමනශාන්ත හිමියන් විසින් ලියා ඇත. සුමනශාන්ත හිමියන් ගිහි ජීවිතයේ සිටියදී මෙම ගීත ලියා ඇති අතර, ගීත රචනයට මෙන්ම කාව්‍යකරණයටද දස්කම් දක්වා ඇති උන්වහන්සේ සඟරා කීපයකම සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.
Read Moreකොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෙත් පැතීම සඳහා කරනු ලබන පිරිත් සජ්ජායනාවක් වෙනුවෙන් කිලෝ මීටර් 20 ක පමණ දිගු දුරකට අදින ලද දැවැන්ත පිරිත් නූලක් පිළිබඳව මාවතගම මීතැන්වල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ (22) රාත්‍රී 6.44 ට යෙදුන සුබ මුහුර්තියෙන් නැදුන්ගමුවේ රාජා හස්තියා ඓතිහාසික දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරියේ ඇති සඳගල මත පා තබනවත් සමග විදි සංචාරය කිරීම ආරම්භ කෙරුණි.
Read Moreඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අය වෙනුවෙන් පාංශුකූලය ලබාදීමට තම සංවිධානය සූදානම් බව හෙළ බොදු සවිය සංවිධායේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
Read Moreමෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
Read Moreමහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .
Read Moreකෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඊයේ (14දා) විවෘත කරනු ලැබිණ.
Read Moreආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදීමත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. අද උදෑසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පැමිණ සිටි අයුරු ඡායාරූපවල දැක්වෙයි.
Read Moreජාතික උරුමයක් බවට පත් කළ ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ වැඩසටහන සාර්ථක වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅඛණ්ඩ පානීය ජල සැපයුමක් නොලැබීම සහ පානීය ජල සැපයුම සම්බන්ධ දුෂ්කරතා සහ ගැටළු මතුවී තිබු දිවයිනේ ප්‍රමුඛතම පූජා නගර ආශ්‍රිතව අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආරම්භ කර ඇත.
Read Moreමේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ කරමිනුයි . මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ වසර දහස් ගණනක් සාම්ප්‍රදායිකව ගොඩනැගුන මහනායක අනුනායක හිමිවරුන් ගේ බල අධිකාරිය පහතට දමමින් ඊට උඩින් සංඝරාජ මට්ටමේ භික්ෂූන් වහන්සේ කෙනෙකු මතුවීම සඳහා රාජ්‍ය අධිකාරිය, දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කිරීමටයි.
Read Moreනිවන් මග සොයා වනයට වැඩම කර සිටී රාජකීය පණ්ඩිත වෛද්‍යාචාර්ය නාහිමියන් ගේ ආවාස කුටිය කැසිකිලි වැසිකිලි කඩා සුනු විසුනු කිරීම නිසා උන්වහන්සේ මේ වන විට ලග්ගල මහ වන මැද ගසක් යට බණ භාවනා කරන දුක් මුසු පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
Read Moreකොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.
Read Moreඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
Read Moreගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.
Read Moreශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreතමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ ’’දානය’’ ලෙස සලකනු ලබයි. උතුම් වූ ලොව්තුරා බුද්ධත්වය ලැබීම උදෙසා බෝසත්වරුන් සිදුකළ අප්‍රමාණ කැපීකිරීම් අතර දානය විශේෂ කොට සැලකූ උතුම් කුසල ක්‍රියාවකි. එසේම මේ මහානීය දාන පාරමිතාව නුවණින් සිතා බලා, නොමඟ නොගොස් ප්‍රඥාවෙන් සිදුකළ යුතු කුසල ක්‍රියාවක් බවද සිහිපත් කරන්නකි.
Read Moreමෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී පැත්වීමට නියමිතය. වෙසක් පොහෝ දිනයන් ලබන මස 26 දා 27 දාට යෙදී තිබේ.
Read Moreපාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.
Read Moreමන්නාරම හිටපු අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ. යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ස්වර්ගස්ත වී ඇත.
Read Moreස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.
Read Moreඅපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.
Read Moreඅද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.
Read More