කැලණිය රජමහා විහාරය, කොරතොට රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කෝට්ටේ රජමහා විහාරය සහ නවගමුව පත්තිනි දේවාලය යන ප්‍රධාන බෞද්ධ විහාරයන් මැදි කර ගනිමින් පිහිටා ඇති සංඛපිට්ඨ පුරාණ විහාරස්ථානය මගින් අඛණ්ඩව 175 වැනි වරටත් සංවිධානය කරන කඩුවෙල ධාතු පූජා මහා පෙරහර මෙම මස 20දා ආරම්භ කෙරේ.
මෙහි අවසන් පෙරහර මෙම මස 26 දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර මෙවර මෙම පෙරහර ඉතිහාසය තුළ කිසියම් සන්ධිස්ථානයක් සනිටුහන් වන බැවින් අවසන් දින පෙරහර ඉතා උත්කර්ෂවත්ව මහනුවර ඵෙතිහාසික දළදා පෙරහැරේ අභිමානවත්ව නැටුම් ඉදිරිපත් කරනු ලබන කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් පෙරහරක තිබිය යුතු සියළු අංගයන්ගෙන් පරිපූර්ණව පෙරහර පැවැත්වේ.
මෙහි අවසන් දින පෙරහරේ අලි ඇතුන් 30-35 අතර ප්‍රමාණයක් හා උඩරට පහතරට හා සබරගමු නැටුම් කණ්ඩායම් 55-60ක් පමණ සමන්විත වන අතර, මුල් දින 05 විහාරස්ථබිමේ පමණක් ගමන් කර සයවැනි දින කොතලාවල පාසල් මාවතේ ගමන් කර විහාරස්ථානයට මෙම පෙරහර පැමිණෙනු ඇත.
අවසන් දින මහ පෙරහර කඩුවෙල මාලඹේ පාරේ කොතලාවල තෙක් ගමන් කර රාජසිංහ මාවතට පිවිස නැවත හේවගමින් අවිස්සාවේල්ල පාරට පිවිස කඩුවෙල නගරය හරහා නැවත විහාරස්ථානයට ගෙවදින අතර, මෙම පෙරහර නැරඹීම සඳහා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි පෙරහර සංවිධායක මණ්ඩලය විශ්වාස කරයි.
ක්‍රි.ව.1843දී එවකට මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ හක්පිටියේ අත්ථදස්සී හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම පෙරහර අඛණ්ඩව වසර 174 පුරාම පැවැත්වූ බවට සඳහන් වේ. මෙම පෙරහැර දේව වන්දනාව මුල්කර ගැනීමකින් තොරව බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කිරීම මගින් ප්‍ර‘දේශයට ආශීර්වාදය මූලික කරගෙන පැවැත්වෙන්නෙකි. වසර 174ක් මුළුල්ලේ නොකඩවා වාර්ෂිකව පවත්වනු ලැබූ ලක්දිව එකම මහා පෙරහර මංගල්‍යය ලෙසද කඩුවෙල ධාතු පූජා මහ පෙරහර නම් දරයි.
සත් දිනක් පුරා පැවැත්වෙන මෙම පෙරහැරට විෂ්ණු කතරගම සහ සමන් දේවාල පෙරහැරවල් 100 වැනි පෙරහරේ සිට එක්වී තිබේ. අනතුරුව පත්තිනි දෙවියන් අදහන බහුතර ජනතාවක් සිටින ප්‍ර‘දේශයක් ලෙස කඩුවෙල ප්‍රසිද්ධියක් උසුලන නිසා මීට පත්තිනි දේවාල පෙරහරක්ද 168 වැනි පෙරහරේ සිට එක්වී ඇත.
19 වැනි සියවස මැදභාගයේ එනම් කෝට්ටේ යුගය අගභාගයේදී හෝ මහනුවර යුගයේ මුල්භාගයේ ආරම්භ වී ඇතැයි සැලකෙන සංඛපිට්ඨි විහාරස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොතලාවල පිහිටා තිබේ. මහනුවර යුගය අගභායේදී ලංකාවේ රාජ්‍ය පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමාට විරුද්ධ වූ ඇහැලේපොළ පරපුරම සංහාරය කිරීමට ගත් තීරණය නිසා ප්‍රභූන් රටේ සතර දිග් භාගයටම පලාගොස් ඇති අතර, එසේ පලා ගිය ප්රභූවරයෙකු වන පසුව පැවිදි බිමට ඇතුළත් වූ හක්පිටියේ අත්තදස්සී හිමියන්ට මෙම විහාරස්ථානරයේ විහාරාධිපති ධුරය හිමිවීමත් සමග සංඛපිට්ඨි යන නම මෙම විහාරයට ව්‍යවහාර වන්නට පටන්ගෙන තිබේ.
මෙහි ඇති ධාතූන් වහන්සේලා ආරක්ෂිතව තැන්පත් කිරීමට නිර්මාණය කරන ලද ආරක්ෂිත මණ්ඩපය, ඇම්බැක්කේ ලී කැටයම් හා සම කළ හැකි තත්ත්වයක පවතින අතර, මෙහි ඇති ඉතා සියුම් ලී කැටයම් හා ලියකම් මෙම විහාරස්ථානය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බව කියාපායි.
මෙම පින්බිමේ ඇති පැරණි බුදු මැදුර තුළ ඇති සිතුවම් හා ප්‍රතිමා මහනුවර යුගයට අයත් යැයි පුරාවිද්‍යාඥයන් විසින් සහතික කර ගෙන ඇත. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ වර්තමානය වන විට ඒවා සංරක්ෂණය කර තිබේ.
1823දී විහාරස්ථානයේ අධිපතිත්වය අත්තදස්සී හිමියන් විසින් බටුගෙදර ඥානාලංකාර හිමියන්ට පැවරීමට අදාළව පවතින ලිපිය දැනට මෙම විහාරස්ථානයේ ඓතිහාසික බව තහවුරු කළ හැකි එකම ලිඛිත සාක්ෂිය වන්නේය. බටුගෙදර ඥානාලංකාර හිමියන් විහාරාධිපතිත්වය දරන සමයේ මෙම විහාරස්ථානය බටුගෙදර පන්සල නමින්ද ව්‍යවහාර වී තිබේ.
1986 පෙබරවාරි 27 දින පෝරේගෙදර ධර්මපාල හිමියන්ගේ අපවත් වීමෙන් පසු කඩුවෙල සංඛපිට්ඨි විහාරාධිපති ධුරය වර්තමාන එහි විහාරාධිපති හේවාගම් කෝරළයේ සහ සියනෑ දොකෝරළයේ ප්‍රධාන සංඝනායක සංඛපිට්ඨි විහාරය ශ්‍රී ඥාකවිමලාරාමය යන උභය විහාරාධිපති සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම්පාසලේ ප්රධානචාර්‘ය ශාස්ත්‍ර‘වේදී පූජ්‍ය පණ්ඩිත කඳුබොඩ අමරඤාඛ හිමියන්ට හිමිවී තිබේ.
තක්ෂිලා පරිවේණාධිපති විස්ඩම් ඉංග්‍රීසි දහම්පාසලේ ප්‍රධානාචාර්ය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම්පාසලේ උපප්රධානචාර්ය ශාස්ත්‍රවේදී, සද්ධර්ම කීර්ති පූජ්‍ය කනංගම නාරද හිමියන් කඳුබොඩ අමරඤාඛ හිමියන්ට ශක්තියක් වෙමින් ප්‍ර‘දේශයේ ශාසනික, ආගමික මෙන්ම ජාතික කටයුතුවලදී නායකත්වය දෙමින් සිටී.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම්පාසල තුළ සිසුන් දහසකට ආසන්නව දහම් අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ නැණ පහන් ආලෝකවත් කරන්නට කැපවී සිටින ගිහි පැවිදි ස්වෙච්ඡා ගුරු මණ්ඩලය 50 ආසන්න වේ. තවද ඉංග්‍රීසි මාධ්‍ය‘යෙන් දහම් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විස්ඩම් ඉංග්‍රීසි දහම්පාසල අගනා සේවයක් ඉටුකරනු ලබයි.