මේ ලෝකයෙහි ජීවත්වන සෑම මනුෂ්‍යයෙකුටම ධර්මතා තුනකට යටත්වීමට සිදුවෙයි. මේ ධර්මතා තුන නම්, වයසට යාම, ලෙඩ දුක් හැදීම සහ මරණයට පත්වීමයි. මේ ධර්මතා තුන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂ නාමයකින් හඳුන්වා ඇත්තේ %අමාතාපුත්තික භය^යන නමිනි. මෙම ධර්මතා පිළිබඳව පැහැදිලි කරදෙමින් උතුම් පොහොය දිනයේ ධර්ම දේශනාව පවත්වන්නේ ස්කොට්ලන්තයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරාවල රේවත හිමියන් විසිනි.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!
තීණිමානි භික්ඛවෙ අමාතා පුත්තිකානි භයානි
කථමාණි තීණි.ජරාභයං ව්යාධිභයං මරණ භයන්ති^
මහණෙනි, මේ ලෝකයෙහි ජීවත්වන සෑම මනුෂ්‍යයෙකුටම ධර්මතා තුනකට යටත්වීමට සිද්ධ වෙයි. මේ ධර්මතා තුන නම්වයසට යාම,ලෙඩදුක් හැදීම සහමරණයට පත්වීමයි. මේ ධර්මතා තුන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂ නාමයකින් හඳුන්වා ඇත්තේ %අමාතාපුත්තික භය^යන නමින්. ඇයි මේ අමාතාපුත්තික භය යැයි සඳහන් කළේ? මේ ධර්මතා තුනට දරුවන් යටත් වෙනකොට, ගොදුරු වෙනකොට දෙමවුපියො මොනතරම් ශක්තිමත්ව සිටියත් මේ ධර්මතා තුනෙන් දරුවන් බේරාගැනීමට, රැකගැනීමට, ආරක්ෂා කරගැනීමට දෙමාපියන්ට හැකියාවක් හා පුළුවන්කමක් නැති නිසයි. මේ ධර්මතා තුනට දෙමවුපියන්ගොදුරුවන විටද දරුවන් මොනතරම් බලවන්තව සිටියත් දෙමවුපියන් බේරාගැනීමට, ආරක්ෂා කරගැනීමට දරුවන්ට පුළුවන්කමක් නැහැ.
මෙහි පළමු වැනි කාරණයජරාභයං හෙවත් වයසට යාමයි.යම් දරුවෙකු මේ ලෝකයට බිහිවුණු දිනයේ පටන් මරණමංචකය තෙක්ම වයසට යනවා. තත්ත්පරයෙන් තත්ත්පරය විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනවා. මේ කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතාමත් ලස්සන උපමාවක් මෙසේ ගෙනහැර දක්වනවා. අවුරුදු 100 ක් ජීවත්වන මනුෂ්‍යයෙක් දශක වශයෙන් කොටස් දහයකට බෙදා මෙසේ විවරණයක් ඉදිරිපත් කරනවා. මා ඒ දශක දහය කොටස් දහයකට බෙදා මෙසේ ඉදිරිපත් කරනවා. දශක දහය කියාගෙන යනවිට මා නතර වී සිටින්නේ කොතනද? මගේ ඊළඟ පියවර මොකක්ද? හිතාබලන්න දශක දහය නම්මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, හානි දශකය හෙවත් නායන දශකය, ප්රාග් භාර දශකය, ප්‍රවංක දශකය, මෝමූහ දශකය,සයන දශකය යන දශකයි.
මන්ද දශකය කියන්නෙ මෙලොවට බිහි වූ දිනයේ පටන් වසර 10 ක කාලපරිච්ඡේදය. අම්මගෙ තාත්තගේ ආදරය උණුසුම සෙනෙහස ලබමින් හැදුණු වැඩුණු සහ හැදෙන වැඩෙන කාල පරිච්ඡේදයයි.
ක්‍රීඩා දශකය හඳුන්වන්නේ අවුරුදු දහයේ සිට විස්ස දක්වා කාලයයි. සෙල්ලම් කරනවා, දුවනවා, පනිනවා, නටනවා, අතපය කඩාගන්නවා, තුවාල කරගන්නවා, කෙළිදෙලෙන් ගතකරන සහ තරමක් විසේ ඇති නහයට අහන්නේ නැති කාල පරිච්ඡේදයක්.
වර්ණ දශකය යනු අවුරුදු විස්සේ සිට තිහ දක්වා කාලපරිච්ඡේදයයි. මේ කාලපරිච්ඡේදය තුළදී ශරීරය ලස්සන වෙන්න, හැඩවෙන්න, ලස්සන කරගන්න, හැඩ කරගන්න වෙරදරන කාලය වගේම ගිහි බන්ධනයට හෙවත් විවාහ ජීවිතයට ඇතුළත් වන කාලපරිච්ඡේදයයි.
බල දශකය හඳුන්වන්නේ අවුරුදු තිහේ සිට හතළිහ දක්වා කාලයයි. මෙම කාල පරිච්ඡේදය තුළදී ගතට වගේම හිතටත්, හිතට වගේම ගතටත් අමුතු ප්රබෝධයක්, අමුතු ශක්තියක්, අමුතු බලයක් ලැබෙන කාලපරිච්ඡේදයක්. සමහරු හිතනවා මොනවද මට කරන්න බැරි. ගස්, ගල් පෙරළන්න හිතෙන කාලපරිච්ඡේදයක්.
ප්‍රඥා දශකය යනු අවුරුදු හතළිහේ සිට පනහ දක්වා කාලයයි. මේ කාල පරිච්ඡේදය තුළදී වෙනදා තිබුණු කලබලකාරී ස්වභාවයන් හුඟාක් දුරට අඩු, එහෙත් ඉවසිලිවන්තව, බුද්ධිමත්ව කටයුතු කරන කාලපරිච්ඡේදයක්.
හානි දශකය කියන්නේ අවුරුදු පනහ, හැට දක්වා වූ කාලයයි. හානි යන්නෙන් අදහස් කරන්නේ විනාශ වන බවයි. කන්දක් පාමුල උන් මිනිසා කන්ද මුදුනට නගිනවා. නැගගත් මේ මනුෂ්‍යයා නැවතත් පාමුලට බසිනවා. පාමුලට බසිනවා යනු පටන්ගත් තැනට එනවා කියන අදහසයි. බිළිඳු කාලයේදී අපි හැමකෙනෙකුම උඩු අතටයි සයනය කළේ. උඩු අතට උන් බිළිඳු දරුවාගේ විපර්යාස නම් අනෙක් පැත්තට පෙරළීම, බඩගාගෙන යෑම, දණගසාගෙන යාම වැටි වැටි අල්ලාගෙන නැඟිටීමයි. එසේ අමාරුවෙන් කෙළින් කරගත්, නගා සිටුවාගත් ශරීරය නැවත වැටෙන්නේ කොතනටදැයි බුද්ධිමත්ව සිතා බලමු.
ප්රාග් භාර යනු අවුරුදු හැට හැත්තෑවයි. ප්රාග් නම් ඉදිරියට සතර නම් බර වීමයි. ඉදිරිය යන්නෙන් අදහස් කරන්නේ මහපොළොව දෙසටයි. තව තවත් කායික දුර්වලතා වැඩිවීමයි.
ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යන ඉදිරියයි. වංකයනු වකගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන ගතිය සහ බරවන ගතිය වැඩිවීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි.
මෝමූහ දශකය යනු අසූව අනූව අතර කාලයයි. පොඩි දරුවෙකු සේ හැසිරෙන කාලයයි. මතක ශක්තිය දුර්වල වන, කල්පනා ශක්තිය දුර්වලව අමතකවන ගතිය වැඩිවීම, යන්නෙ කොහෙද, ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද? කියන්නෙ මොනවද? කියා අමතක වන මතකය අඩුවන කාලයයි.
සයන දශකය යනු අනූව සියය අතර කාලයයි. තමන්ගේ කටයුතු කාරණා කිසිවක් කරගත නොහැකි කාලපරිච්ඡේදයයි. කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, කැතකුණු අදින්න ඕන, ඇඳුම් පැලඳුම් අන්දවන්න ඕන, ඇවිද්දවන්න ඕන, කිසියම් හෝ කෙනෙකු තම කටයුතු කාරණා අනිවාර්යයෙන් කරදියයුතු කාලපරිච්ඡේදයයි.
දැන් පැහැදිලියි දෙමවුපියො වයසට යනකොට දූ දරුවන්ට වළක්වන්න බැරි බව. දරුවො වයසට යනකොට දෙමවුපියන්ට වළක්වන්න බැරි බව. කාරණය මනාව පැහැදිලියි.
දෙවැනි කරුණ තමයි ලෙඩදුක් හැදීම
ලෙඩදුක් හැදීම පුදුමයට හේතුවකුත් නොවේ. පුදුමවෙන්න දේකුත් නොවේ. ලෙඩදුක් හැදීම ස්වාභාවික දෙයක්. මොකක්ද මේකට හේතුව? එහෙත්ඔබෙත්,මගෙත් සියලුම ලෝක ප්‍රජාවගේත් ශරීරය නිර්මාණය වී තිබෙන්නේ රන්, රිදී, මුතු, මැණික්වලින් හෝ වෙනයම් ලෝහයකින්ද නොවෙයි.
කුණුවෙන, දිරා මහ පොළොවට, පස්වෙලායන කෑලි තිස් දෙකක සම්පිණ්ඩනයක්,එකතුවක්. ඒතමයිකෙස්, ලෝම, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, දෙකක්, හෘදය වස්තුවක්, අක්මාවක්, දළඹුවක්, බඩදිවක්, පෙණහලු දෙකක්, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශයක්, පැසුණු ආහාර සමග නොපැසුණු ආහාර පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද නැමැති තෙල, කඳුළු, වපා, වරළු නැමැති තෙල, කෙළ, සොටු, අසූචි, මුත්‍රා, මොළයක්. මේ කියන දෙතිස් කුණුපයන්ගෙන් සෑදුණා වූ ඔබේත්, මගේත් ශරීරය ලෙඩවීම පුදුමයක් නොවේ. එසේ නම් මේ ශරීරය ලෙඩවෙන සහ ලෙඩ කරන ක්‍රම හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී මනාව දේශනා කළහ.
ඒ ක්‍රම හතර නම්,
1. වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ,
2. පිත කිපීම නිසා ඇතිවන රෝගාබාධ,
පිත කිපෙනකොට ශරීරය ක්‍රම හතළිහකට ලෙඩ කරයි.
සෙම කිපෙනකොට ක්‍රම විස්සකට ශරීරය ලෙඩ කරයි.වා, පිත්, සෙම් තුන්දොස් එකවර කිපීම නිසා ඇතිවන ආබාධයයි.
3. සෘතු විපර්යාසය නිසා ඇතිවන ආබාධ
4. වසවිස ශරීරගතවීම නිසා ඇතිවන රෝගාබාධ මවුකුසින් බිහිවුණු දරුවා මවුකිරි ටික බොනතාක්කල් නිරෝගීයි.
ඔපක්කමිකා ආබාධ කියන්නෙඋපක්රම මගින් ශරීරය ලෙඩවීම, එයද පැතිකඩ කිහිපයකට බෙදිය හැක. වෙඩි තැබීම්, ගිනි තැබීම්, බෝම්බ ගැසීම්, ඇසිඩ් ගැසීම්, වාහන අනතුරු, ගුප්ත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, සමාජ රෝග ආදියයි.
කම්ම විපාකජා ආබාධ යනු පෙර අකුසල කර්ම විපාකදීම නිසා ඇතිවන රෝගාබාධ බුදු, පසේබුදු, මහරහතන් උත්තමයන් වහන්සේලාටත්, සංසාරගත පෙර අකුසල කර්ම විපාක දීම නිසා විවිධ රෝගාබාධයන්වලින් පෙළුණු බව ධර්ම කතාවල විවිධ කතාවස්තුවල දැකිය හැක. එසේනම් බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වහන්සේලාට කර්ම විපාක දෙන්නේ නම් පෘථග්ජන වූ අපි ගැන කවර කතාද?
මේ ක්‍රම අටෙන් හැදෙන රෝගාබාධ පිළිබඳ ගිරිමානන්ද සූත්‍රය තුළ මනාව පැහැදිලි කරනවා. දෙමවුපියො ලෙඩදුක්වලට ගොදුරු වෙනකොට දරුවන් ඉන් වළක්වාගත නොහැකි සේම දරුවන් ගොදුරුවනවිට දෙමවුපියන්ට වැළැක්විය නොහැකි බව මනාව පැහැදිලි වේ.
තුන්වැනි කාරණය තමයි මරණයට පත්වීම
මරණයට පත්වීම කිසිවෙකුටවත් වළක්වාගත නොහැකියි. ඉපදුණු දිනයේ පටන් මරණමංචකය තෙක්ම අපි කාට කාටත් නැකැත් ඇත. එහෙත් මරණයට නැකතක් සෑදිය හැක්කේ කාටද? කිසිම ජගතෙකුට, උගතෙකුට, බලවතෙකුට මේ සඳහා ක්‍රියාත්මක විය හැකිද? මරණය එක පුද්ගලයෙකුට, එක පවුලකට, එක පරපුරකට, එක ගමකට, එක පළාතකට, එක රටකට සීමාවුණු දෙයක් නොවේ. මුළුමහත් ලෝක සත්ත්වයාටම උරුම වූ පොදු ධර්මතාවක්.
ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. සියලු සත්ත්වයෝ මරණයට පැමිණෙනවා. ජීවිතයක අවසානය මරණයයි. ජීවත්වන සත්ත්වයා කර්ම රැස්කරමින් ගමන් කරනවා. ඒ ගමන් කරන සත්ත්වයෝ පින් සහ පව් කරනවා. පව් කරන අය අපායගාමී හා දුගතිගාමී වෙනවා. පින් කරන අය සැපවත් හා සුගතිගාමී වෙනවා. කුමක්ද මේ මරණය යන්නෙන් අදහස් කරන්නේ. සත්ත්වයෙකුගේ පැවැත්මක් සඳහා අවශ්‍ය කරුණු ධර්මතා තුන නම්, ආයුෂත්,ශරීර උෂ්ණත්වයත්,විඥානයත් යන තුනයි.
මේ ධර්මතා තුන යම් ශරීරයකින් ගිලිහුණු කල මැරුණා යයි ව්‍යවහාර කරනවා. එහෙනම් මාත් මැරෙනවා. ඔබත් මැරෙනවා. කොයි කවුරුත් මරණයට පත්වෙනවා. මේ මරණය නැමැති ධර්මතාව ලෝක ධාතුව තුළ සිදුවන්නේ ක්‍රම හතරකට බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා.
එසේ නම් අපි හැමකෙනෙකුම වටිනා මිනිස් ජීවිත ලබාගෙන සිටිනවා. ගුණයට බරවෙන්න, දහමට බරවෙන්න, අඩුපාඩු හදාගෙන හොඳ මනුෂ්‍යයෙක් හැටියට, ශීලාචාර පුද්ගලයෙක් හැටියට සමාජයේ ජීවත්වන්නට අදිටන් කරගනිමු.
තෙරුවන් සරණයි!!!