2013 – 2014 සිරිපා වන්දනා සමයේ සාමාරම්භක උත්සවය සහ රිය පෙරහර 15දා පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය. සමන්දේව ප්‍රතිමාව සහ ආභරණ දොරට වැඩමවීම අලුයම විහාරස්ථානයේදී සිදුකෙරුණු අතර, පසුව ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට සිරිපා මළුව වෙත තුණුරුවන් පෙරටුකරගත් ඵෙතිහාසික සමන් දේව ප්‍රතිමාව රැගත් රියපෙරහර ගමන් කිරීම සිදුවිය.
මෙවර සිරිපා වන්දනා සමය ආරම්භවීමට සුභ නැකතින් ශ්‍රීපාද පද්මය දෝවනය කිරීම සහ ශ්‍රී පාද මළුවේ සමන් දේවාලය සුවඳ පැනින් විචිත්රකර, දේවා ප්‍රතිමාව ඇතුළු දේවාභරණ තැන්පත් කිරීම 16 උදෑසන සිදුවිය. ශ්‍රී පාදස්ථාන නායක අතිපූජ්‍ය බෝගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදුවේ.