කැළණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරස්ථානයේ දී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහ බෝධි අංකුරය වැඩමවීම සහ ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සිහි ගන්වමින් එම විහාරස්ථානයේ දී බුද්ධ ශ්‍රාවිකාවන් 3000 කට දානමය පිංකම 12වන වරටත් පැවැත්වීය.
මෙම පිංකම අවසානයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සමග එක්ව වර්තමානයේ ආගමික, ශාසනික හා සමාජීය කටයුතු වෙනුවෙන් ක්‍රියාශීලී දායකත්වය දක්වමින් ක්‍රියා කරන ආචාර්ය මිලිනා සුමතිපාල මැතිණිය, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය මාලනී ඇඳගම, ආචාර්ය හේමා ගුණතිලක සහ චිත්‍රා විජේසේකර යන මහත්මීන් සම්මානයෙන් පිදුම් ලැබීය.
තායිවානයේ චියෝ හෝවා යං තාසිංතංස ආරාමයේ අධිපතිනියගේ අනුග්‍රහයෙන් මෙම පරිශ්කාර පූජාව සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සම්මාන තිලිනයක් ද මෙහිදී පිරිනමන ලදී.
මෙම අවස්ථාවට මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන් කථානායක කරූ ජයසූරිය මහතා, ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජගත් සුමතිපාල මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ප්‍රනීත් අභයසුන්දර මහතා, එම සම්මේලනයේ ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සභාපතිනී සමන්තා සුමතිපාල මැතිණිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.