මෙවර වෙසක් සතිය වෙනුවෙන් අරලියගහ මන්දිරය දින හතරක් මහජනතාව වෙත විවෘතව තබන බව අගමැති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පැවසීය. එමෙන්ම බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ප්රධාන ශාලාව තුළ දින හතරක් පුරාවට සර්වඥ ධාතු ප්රදර්ශනය කිරීමක් සිදුකරන බවද හෙතෙම පැවසීය.