රාජ්‍ය නත්තල් උත්සවය මෙවර පුංචි රෝමය ලෙස හැඳින්වෙන මීගමුව පදවිය මූලික කරගෙන පැවැත්වීමට සූදානම් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 22 දා සවස 4.00 ට මීගමුව මහවීදියේ සාන්ත මරියා දේවස්ථානයේදී මෙම උත්සවය පැවැත්වේ.
'කිතු උපතින් නැවුම්වන මිනිසත් බවට ඉඩදෙමු' යන්න තේමාකොට ගෙන මෙවර නත්තල් උලෙළ පැවැත්වීමට නියමිතය. රුපියල් මිලියන 7.5 ක මුදලක් වෙන්කර ඇති මෙම උත්සවය කැරොල් ගීත ප්‍රසංගයක්, නත්තල් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීම, දහම් පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ තරග ජයග්‍රාහකයන්ට තිළිණ ලබාදීමත් ඇතුළු අංග රැසකින් සමන්විත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර ජාතික නත්තල් උත්සවය මීගමුවේ පැවැත්වීමට යෝජනා වූයේ පසුගියදා නිමා වූ ආසියානු රදගුරු මඬුල්ලේ සමුළුව මීගමුවේ පැවැත්වීම හේතුකොට ගෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට වෙසෙන කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව බෞද්ධ ආගම රාජ්‍ය ආගම ලෙස සලකා ආගමික සංහිඳියාව මූලික කරගෙන නත්තල සැමරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම ලෝකයේ උසින් වැඩිම නත්තල් ගස මෙවර නත්තලේදී සකස් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අමාත්‍යවරයා මෙන්ම ඒ සඳහා සහයෝගය දැක්වූ අය බෞද්ධ සහෝදර ජනතාව වීමෙන්ම මෙරට පවතින ආගමික සංහිඳියාව ලොවට ප්‍රකාශ වන බවද හෙතෙම පැවසුවේය. එසේම නත්තලේදී ප්රමුඛ ස්ථානය දේව වචනයටද, දෙවැනි ස්ථානය සැරසිලි වලටද, තෙවැනි ස්ථානය කෑම බීම වලටද ලෙස ලබාදෙමින් නත්තලේදී ආගමික වත්පිළිවෙත් වලට වැඩි අවධානයක් යොමු කිරීම කිතුණුවන්ගේ වගකීම වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.