අපවත් වී වදාල අතිපූජ්‍ය අමරපුර මහනිකායේ අමරපුර පාර්ශවයේ සම්මානනීය අනු නායක රද්දොළුවේ අමරවංශ නාහිමිපානන්ගේ ආදාහනපූජෝත්වය මෙම මස (2017.02.02)පස්වරුවේ රද්දොළුව පඤ්ඤානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශවයේ මහනාහිමිවරුන් වන අග්රමහාපණ්ඩිත අමිබලන්ගොඩ ශ්‍රී සුමංගල සහ අග්රමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආදාහන පූජෝත්සවය සඳහා ගිහි පැවදි විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් ප්‍රකාශ කළේ තම පාර්ශවය වෙනුවෙන් සීමාමාලකයක් ඉඳි කර ගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කිරීමට උන්වහන්සේ ක්‍රියා කළ බවයි.ඒ සඳහා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ද සහය ලබා ගනිමින් කටයුතු කළ උන්වහන්සේ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ බව සිහිපත් කළහ.
ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ශෝක පණිවුඩය නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත් කළ අතර එමඟින් පෙන්වා දුන්නේ බහු ආගමික ජනතාවක් වෙසෙන පරිසරයක අන්‍යාගමික ජනතාවගේ ද ගෞරවයට පාත්‍ර වෙමින් දශක 07කට අධික කාළයක් උන්වහන්සේ ඉටු කළ ශාසනික හා සමාජීය මෙහෙවර තුළින් සහ ජීවනය සහ සංහිඳියාව ඇති කිරීමට ගත් පියවර ප්‍රසංශනීය බවයි.සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සරල චාම් දිවි පෙවතක් ගත කළ උන්වහන්සේ කිසිවිටෙක ප්‍රසිද්ධිය හඹා නොගිය බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ශෝක පණිවුඩයෙන් සඳහන් කර සිටියේ දශක 07කට වැඩි කාලයක් උන්වහන්සේ ශාසනයට කළ මෙහෙවර සහ ප්‍රදේශයේ සමාජීය කටයුතු වලදී උන්වහන්සේ පෙරමුණ ගැනීම සුවිශේෂී බවයි.