බෙල්ලන්විල රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවයේ කප් සිටුවීම අද (05දා) සිදු කෙරේ.
බෙල්ලන්විල විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භවු මෙම පෙරහර මෙවර පැවැත්වෙන්නේ 65 වරටය. මෙහිදේවදූත පෙරහර හා කුඹල් පෙරහර මෙම මස 08 වැනිදා ද, මල් පෙරහර 09, 10,11 දිනවල සහ 12 වැනි දින පාවඩ පෙරහර 13 වැනි දිනදා රන්සිවිලි පෙරහර 14 වැනි දින ද පැවැත්වීමට කටයුතු සංවිධාන කොට ඇත.
රන්දෝලි මහා පෙරහර මෙම 15 වැනි දින පවත්වා පෞරාණික චාරිත්‍රානුකූලව දිය කැපීමේ මංගල්‍යය 16 වැනිදා බොරලැස්ගමුව තොටුපළේදී සිදු කෙරේ.