ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ සහයෝගය ඇතිව ථේරවාදී බුදුදහම හින්දි භාෂාවෙන් ඉගැන්වීම සඳහා වූ ප්‍රධාන පෙළේ පිරිවෙනක් සාංචිහි ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව තිබේ.
ථේරවාදී බුදුදහම අතීතයේදී ඉන්දියාව තුළ ප්‍රචලිතව පැවැතියද වර්තමානයේ එය අනුගමනය කිරීම අඩුවෙමින් පවතින අතර,ථේරවාදී බුදුදහම ඉගැන්වීම සඳහා මැනවින් ස්ථාපිත වූ පිළිගත් ආයතනයක් ඉන්දියාව තුළ නොමැති බැවින් මෙම තීරණය ගෙන තිබේ.
මේපිළිබඳ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාංචිහි සිදුකරනු ලැබීමට නියමිත සංචාරය තුළදී ඒ සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කිරීමටත් නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.