සුවිශේෂි නිර්මාණයක් ලෙසට වාර්තාගත වන අයුරින් ඉදිවෙන තිස්සමහාරාම උඩුවිල ගංගාරාම රාජ මහා විහාරස්ථානයේ 'නිවන් මහා ප්‍රාකාරය' මෙවර වෙසක් පොහෝ දිනට විවෘතකර ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත්කිරීමේ වැඩකටයුතු මේ දිනවල කඩිනමින් සිදුවේ.
උසින් අඩි 28ක්ද, දිගින් 900ක්ද, පළලින් 20ක් ලෙසට දැවැන්ත අයුරින් ඉදිවෙන නිවන් මහා ප්‍රාකාරය, සඳකඩ පහණෙහි ත්‍රිමාණ මූර්තිය දැක බලාගෙන අධ්‍යයනය කිරීමට හැකි පරිදි නිර්මාණයකර තිබේ.
මෙහි පළමු පියවර ක්ලේෂ පවුරත්, දෙවන පියවර සංසාර සත්‍ය පවුරත්, තෙවන පියවර තණ්හා පවුරත්, සිව්වන පියවර හංස පේළියත්, පස්වන පියවර නෙළුම් විලත්, හයවන පියවර තෙරුවන් පවුරත් මුර්තිමත් වන ලෙස නිර්මාණය කර තිබේ.
මේ සෑම නිර්මාණයකින්ම සඳකඩ පහණේ කියවෙන අර්ථයන් හා සම්බන්ධ වෙමින් බුදුදහමේ ගැඹුරුම කොටස් වන අභිධර්මයේ කරුණු විග්රහ කරමින් කලා නිර්මාණයන් සැකසී තිබේ.
රුපියල් කෝටි පහළොවකට අධික ඇස්තමේන්තුගත මුදලක් වැයවෙතැයි සැලසුම්කර ඇති මෙම විශ්මිත නිවන් මහා ප්රාකාරයේ වැඩකටයුතු 2012-02-15 දින ආරම්භ කෙරිණි.
තරුණ මූර්ති ශිල්පියෙකු වන කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන තාරක රුද්‍රිගෝ මහතා මෙම විස්මිත නිර්මාණයේ නිර්මාණකරුවා වේ.
උඩුවිල ගංගාරාම රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති ගෝනදෙණියේ කරුණාසාර හිමි මේ පිළිබඳව මෙසේ පැවසූහ.
''උඩුගම් බලා යමි' යන පදනම් මුල් කරගෙන මෙම දැවැන්ත නිර්මාණය පුද්ගල සන්තානගත සිතුවිලි හා සිතුවිලි පරම්පරාව, අපේ අතීත කලා ශිල්ප වර්තමාන මූර්ති ශිල්පියාගේ ගැඹුරු අධ්‍යයනය තුළින් ත්‍රිමාණව පෙනෙන අයුරින් ඉදිකෙරෙනවා.
අප තිලෝගුරු බුදුරජණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙද්දී අනුගමනය කළ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ආර්යය ආෂ්ඨාංගික මාර්ගයේ කරුණු, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය යන ධර්මතා කරුණු සැකවින් විස්තර වන පරිදි මෙම නිර්මාණය නිමවා තිබෙනවා.
මේ සඳහා දායක වීමට කැමති පිංවතුන් සිටී නම් මෙම මාහැඟි උතුම් කටයුත්තට දායක වීමට ඔබටත් අවස්ථාව උදාවී තිබෙනවා''
නිවන් මහා ප්‍රාකාර සංවර්ධන කමිටුව
ලංකා බැංකුව - තිස්සමහාරාම
ගිණුම් අංකය - 7343519
දුරකතන අංකය - 071 4 470 260
තිස්සමහාරාම - රුක්මන් රත්නායක