කුරුණෑගල, ඒදණ්ඩාවෙල ශ්රී සරණංකර සංඝරාජ පුරාණ ටැම්පිට විහාරය බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්රව තිබෙන පූජනීය පින්බිමකි. වර්තමානයේ විහාරස්ථානයේ වැඩ වසන තඹරව ශීලානන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සියලු බර කරට ගනිමින් එය දියුණුවේ හිණිපෙත්ත කරා රැගෙන ඒමට කටයුතු කරමින් සිටිති.
කුරුණෑගල වැව රවුම හරහා කුඩාගල්ගමු මාර්ගයේ මාපේගමුව ඒදණ්ඩාවෙල මංසන්ධියට මුහුණලා සුන්දර වෙල්යායක් අසබඩ මෙම විහාරය පිහිටා තිබේ. දැනට නේවාසික භික්ෂූන් වහන්සේලා තුන් නමක් පමණ එහි වැඩවසන අතර, ප්රදේශයේ දායකකාරකාදීන්ගෙන් ලැබෙන උපකාර විහාරස්ථානයේ දියුණුවට හේතු වී ඇත.
උහුමීය කරුණාතිලක විජේකෝන්