බෞද්ධාගම පිළිබඳව නිතර කතාබහට ලක්වන සහ බුදුදහම විනාශ කිරීමට විවිධ බලවේග ක්‍රියාකරන බවට චෝදනා නැගෙන කාලයකි මේ. චෝදනා කරන සියල්ලෝම විවිධ පිරිස් උලුප්පා දක්වමින් එම චෝදනාව එල්ල කරති. මේ උතුම් පොසොන් මාසයේ වෙනස් කතාවක් ඔබට පැවසීමට අදහස් කළෙමු. එනම් සිංහල බෞද්ධයන් අල්පව සිටින ප්‍රදේශයක සිට බෞද්ධාගම සුරක්ෂිත කරගැනීමට වෙරදරන යතිවරයාණන් වහන්සේ නමක් පිළිබඳවයි. උන්වහන්සේ මුලතිව්හි සිරි සමුද්‍රගිරි පුරාණ රජමහා විහාරයේ වැඩවාසය කරන පූජ්‍ය උඩුගම ශ්‍රී නන්දාරාම හිමියන්ය. මේ උන්වහන්සේ අප වෙත පැවසූ අදහස්ය.
මම අවුරුදු 40ක කාලසීමාවක සිට මේ ප්‍ර දේශයේ වැඩවසනවා
ස්වාමීන් වහන්සේලා නොමැතිව වව්නියාව දිස්ත්‍රික්කයේ පමණක් විහාරස්ථාන 20 පමණ වැසී ගොස් තිබෙනවා. යාපනය, මුලතිව් ප්‍ර‘දේශයේ විශාල වශයෙන් විහාරස්ථාන රැසක් අතීතයේ තිබුණත් දැන් ඒවායේ කිහිපයක නටබුන් තමයි ඉතිරිව තිබෙන්නේ. එම ඉතිරිව තිබෙන විහාරස්ථානද කැලෑ බවට පත්වෙලා.
ඈත ඉතිහාසයක් සහිත විහාරස්ථාන
උතුරුකරයේ විහාරස්ථාන 184 ක් තිබෙනවා. ඉන් නැවත ප්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථාන තිබෙන්නේ පන්සල් 17 ක් පමණයි. මන්නාරම්, මුලතිව්, කිලිනොච්චි, යාපනය යන ප්‍රදේශවල මෙම විහාරස්ථාන පිහිටා තිබෙනවා.
මේ පන්සල් සියල්ල රජමහා විහාර. ඒ කියන්නේ අවුරුදු සියගණනකට පෙර ඉදිවුණු විහාරස්ථාන. නමුත් පසුගිය යුද්ධ කාලයෙන් පසුව හමුදාව විසින්මයි මෙම පන්සල් සොයාගනු ලැබුවේ. මහජනතාවට වැඳපුදා ගැනීමටමේ පන්සල් යළිත් ප්‍රතිසංස්කරණය කර දෙනවා නම් එය ඉතා යහපත් කාරණයක් කියා සිතනවා.
කුඩා ශාලාවක වාසය කරනවා
මා වාසය කරන විහාරස්ථානයත් රජමහා විහාරයක්. නමුත් මෙහි කුඩා ශාලාවක් පමණයි තිබෙන්නේ. තවත් විශාල ශාලාවක් සෑදීමට බලාපොරොත්තු වෙනවා. නමුත් එය ඉදිකිරීමට ජනතා සහයෝගය හෝ මුදල් නැහැ.
ඒ වගේම හාමුදුරුවන්ට වැඩවාසය කිරීමට ඇත්තේ ඉතාම කුඩා කුටියක්. ඒ නිසා එහි එක් නමකටවත් වාසය කළ නොහැකි තත්ත්වයකුයි තිබෙන්නේ. මෙහි කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව දායකත්වය ලබාදෙනවා.
උතුරේ විහාරස්ථාන දියුණු කිරීමට දායක වෙනවා නම් යහපත්
උතුරේ දායක දායිකාවන් නැතිවුවත් දකුණේ සිටින දායක දායිකා සැදැහැතියන්ට උතුරේ මෙම පන්සල් පිළිබඳව සොයාබැලීමට පුළුවන්. ඒ වගේම සියල්ලන්ම දකුණේ විහාරස්ථාන දියුණු කරන අතරතුර ව්‍යාපාරිකයන් උතුරේ විහාරස්ථානද දියුණු කිරීමට පෙළඹෙනවා නම් එය උතුම් කාරණයක්.
ලේකම්වරයාට දැන්වුවත් වැඩක් වුණේ නැහැ
රජයේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට මම මේ පිළිබඳව දැනුම් දුන්නත් ඔහු ප්‍රකාශ කළේ එය හමුදාව මැදිහත්වී ප්‍රතිසංස්කරණය කරනවා නම් හොඳයි, එය හමුදාව විසින් ඉල්ලා සිටිය යුතුයි කියා.
සෑම විහාරස්ථානයකම සිටින්නේ එක් ස්වාමීන් වහන්සේ නමක් පමණයි
දැනට මෙම ප්‍රදේශයේ තිබෙන සෑම විහාරස්ථානයකම සිටින්නේ එක් ස්වාමීන් වහන්සේ නමක් පමණයි. ස්වාමීන් වහන්සේලා මෙවැනි පළාත්වලට පැමිණීමට මැළිකමක් දක්වනවා.
බෞද්ධ සංවිධාන රැසක් තිබුණත් වැඩක් නැහැ
මෙම දුෂ්කරතා පිළිබඳව බෞද්ධ සංවිධාන කිහිපයක් සමගම මා සාකච්ඡා කළත් ඒවා සාර්ථක වුණේ නැහැ. නමුත් බෞද්ධයන්ගේ උරුමය වෙනුවෙන් කියා ඔවුන් නිතරම උද්ඝෝෂණ පවත්වනවා. මාධ්‍යයේ පෙනීසිටිනවා.
දමිළ ජනයා හාමුදුරුවරුන් සමග එතරම් පැහැදීමක් නැහැ
දානය ලබාදෙන්න සිංහල දායක දායිකාවෝ මේ ප්‍ර‘දේශයේ නැහැ. දමිළ ජනතාව ඉන්නේ. ඔවුන් හාමුදුරුවරු සමග වැඩි පැහැදීමක් නැහැ. මොකද ඔවුන් සිංහල නොදන්නා නිසා. ඒ වගේම බුදුදහම තෝරාදීමට තරම් දමිළ භාෂාව දත් හාමුදුරුවරු නැහැ. දමිළ ජනතාවටද ධර්මය කියාදීමට අවශයි. ඒ සඳහා බුද්ධිමත් සඟ පිරිසක අවශ්‍යතාව තිබෙනවා.
උතුරට පැමිණෙන ඔබට
උතුරුකරයේ සංචාරයේ යෙදෙන ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ මෙම විහාරස්ථාන වෙතද පැමිණ ඒවායේ සංවර්ධනයට දායක වන ලෙසයි.
සිරි සමුදුගිරි පුරාණ රාජමහා විහාරය,
වඩ්ඩුවක්කාල්,
නන්දිකඩාල් කලපුව අසල,
කිලිනොච්චිය පාර,
මුලතිව්
0729480502