අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක ධුරය සඳහා භික්ෂූන් වහන්සේ නමක තෝරාගැනීම ලබන මස 08 වැනිදා පස්වරුවේ සිදුකිරීමට අස්ගිරි සංඝකාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මහනායක තනතුර සඳහා හිමිවරුන් කිහිප නමක් ඉදිරිපත් වුවහොත් ඡන්දයක් පැවැත්වීමටද, එසේ නොවුවහොත් ඉදිරිපත් වන හිමියන්ට මහනායක පදවිය පිරිනැමීමටද අස්ගිරිකාරක සංඝසභාව මෙහිදී තීරණය කර තිබේ.
ඊයේ (19දා) සවස අස්ගිරි කාරක සංඝ සභාව රැස්වී මෙම තීරණ ගෙන තිබේ.