අනුරාධපුර ථූපාරාමාධිපති අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්කිරියාගම සෝරත හිමියෝ ඊයේ (13 දා) අවුරුදු 99ක් ආයු වළදා අපවත් වූහ.
917 අප්‍රේල් 14 වන දින ගල්කිරියාගම උදුරුව කොරළේ ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ 1931 විජිතපුර රජමහා විහාරස්ථානයේදී පැවිදි බිමට පත්විය.
1938 වසරේ මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1972 වසරේදී ථූපාරාමයට වැඩම කර ථූපාරාම චෛත්‍ය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට මහත් කැපවීමක් කළහ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු 16 දා සවස 3.00 ථූපාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකිරීමට නියමිතය.